මෑතකදී අවසන් වූ මහ මැතිවරණයේදී බහුතර ජනවරමක් ලබා සුවිශේෂී ජයග්රහණයක්ලැබීම සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ නායකත්වයෙන් යුතු නව රජය වෙත කොළඹ කොටස් හුවමාරුවෙහි අධ්යක්ෂ මණ්ඩලය විසින් සිය සුභාශිංසන පළකර තිබේ.
ශ්‍රී ලාංකේය ජනතාව විසින් නව රජයට ලබාදී ඇති තීරණාත්මක සහයෝගය ගැන කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රසාදය පළකරන අතර, නව පරිපාලනය විසින් ශක්තිමත්, සැලසුම් සහගත සමාජ-ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ස්ථාපිත කොට ශ්‍රී ලංකාවේ ශක්තිමත් ආයෝජන වාතාවරණයක් ගොඩනගනු ඇතැයි කොළඹ කොටස් හුවමාරුව සිය විශ්වාසය පළ කරයි.
විශේෂයෙන්ම, ගැසට් කරන ලද නිශ්චිත වගකීම් යටතේ මුදල් අමාත්‍යාංශය තුළ රාජ්‍ය අමාත්‍යවරුන් යටතේ ප්‍රාග්ධන වෙළෙඳ පොළවල් ඇතුළත් කිරීම පිළිබඳව කොළඹ කොටස් හුවමාරුව සිය සතුට ප්‍රකාශ කරන අතර ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳ පොළවල් සංවර්ධනය කිරීම සඳහා අර්ථවත් මැදිහත්වීමක්ද නව රජයෙන් අපේක්ෂා කරයි.
නව රජයට ලබාදී ඇති ජනවරම තුළින් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන වේගවත් හා තිරසාර සමාජ ආර්ථික සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ සක්‍රීය කිරීමට මෙය අනගි අවස්ථාවක් වනු ඇත.
වාණිජමය ව්‍යවසායන් සඳහා ප්රාග්ධනය එක්රැස්කර ගැනීමට සහ පුරවැසියන් සඳහා ධනය උත්පාදනය කිරීමට පහසුකම් සැලසීමේදී ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳ පොළ වැදගත් කාර්යභාර්යයක් ඉටුකළ යුතු බව කොළඹ කොටස් හුවමාරුව තරයේ විශ්වාස කරන අතර, අදාළ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ රජයේ සංවර්ධන දැක්මට සක්‍රියව සහාය දක්වන වෙනත් රාජ්‍ය ආයතන සහ වෙළෙඳ පොළ අතරමැදියන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වේ.