ගිග් ආර්ථිකයේ නියැළෙන සේවකයින් රැකබලා ගැනීමේ එකම ඩිජිටල් වේදිකාව බවට පත් වෙමින්, PickMe සමාගම සිය රියැදුරන්ට පැය 24 පුරාවට, එනම් ඔවුන් සේවය කරන කාලය පමණක් නොව සේවයෙන් බැහැර සිටින කාලය තුළද ආවරණය වන පරිදි රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇත.
රන් සහ ප්ලැටිනම් කාණ්ඩ කරා ළඟාවන රියැදුරන් හට නොමිලේ පිරිනමන PickMe රක්ෂණය, දැනටමත් රියැදුරන් 11,000කට අධික රියැදුරන් සංඛ්‍යාවක් ආවරණය කර ඇති අතර, එම කාණ්ඩ තව දුරටත් පුළුල් කිරීමෙන් මෙම රක්ෂණයට සුදුස්සන් සංඛ්‍යාව ඉහල නැංවීමටද කටයුතු යොදා ඇත.
“අප වැඩසටහන රියැදුරන් පමණක් නොව ඔවුන්ගේ පවුල්ද ආවරණය කරනවා. මේ දක්වා අයැදුම් 1,675ක් ඉදිරිපත් කර ඇති අතර, රු.38,467,610ක මුදලක් ගෙවා තිබෙනවා.සේවය කරන අතරතුර සිදූවූ රියැදුරු මරණ සඳහා දීමනා 3කුත්, රියැදුරන් 405දෙනෙකුගේ දෙමාපියන් සහ අඹුසැමියන්ගේ අවමංගල්‍ය වියදම් මේ අතර වෙනවා. දරු උපත් සඳහාද රක්ෂණය භාවිත කළ හැකියි. ඒ සඳහා රියැදුරුන් 421දෙනෙකුට රු 50,00 ක මුදලක් දැනට ගෙවා තිබෙනවා. සාමාන්‍ය අවශ්‍යතා සඳහා රෝහල් ගත වීම මෙන්ම කොවිඩ්-19 ප්රතිකාරද මෙයට ඇතුළත්. 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය, සා/පෙළ සහ උසස් පෙළ දරුවන් 189දෙනෙකු සඳහා දීමනා ගෙවා තිබෙනවා,” යැයි PickMeහි ප්‍රධාන විධායක නිලධාරී ජිෆ්රි සුල්ෆර් මහතා පවසයි.
PickMe ආයතනය හා සමූපකාර රක්ෂණ සමාගම එකතුව ත්‍රිරෝද රථ රියැදුරන් සඳහා පිරිනමන මෙම වටිනා රක්ෂණය සුළුපටු නොවන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිති සභාපති ලලිත් ධර්මසේකර මහතා පවසයි.
“මෙයින් සමස්ත ත්‍රිරෝද රථ ප්‍රජාවේ සේවාවන්හි ගුණාත්මකභාවය සහ ත්‍රිරෝද රථ රියැදුරාගේ පවුලේ ජීවන තත්වය නඟා සිටුවනවා. ඒවගේම මෙම රක්ෂණ ආවරණය පික්මී රියැදුරන්ට පමණක් නොව සමස්ත ත්‍රිරෝද රථ ප්‍රජාවටම හයියක්. මෙහි ප්රතිලාභ තවත් වැඩි කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.”
සිය සේවා සපයන්නන් නොසලකා හරින බවට විවිධ චෝදනා ගිග් සේවා භාවිත කරන ඩිජිටල් වේදිකාවන් වෙත එල්ල වී ඇති නමුත්, PickMe විසින් පසුගිය වසර 5 තුළ සේවායෝජක හා සේවක සම්බන්ධතාවය ඉක්මවා යන අයුරින් තම රියැදුරන්ට පක්ෂපාතිත්වය ලබා දී ඇති බව PickMeහි ප්‍රධාන විධායක නිලධාරී තවදුරටත් පැවසීය.
“රියැදුරන් තුළ සේවා ස්ථානයට ලබැඳියාවක් ඇති කිරීම වෙනුවෙන් විවිධ ක්‍රියාමාර්ග අප ගෙන තිබෙනවා. රියදුරන් සහ ඔවුන්ගේ පවුලේ අය සඳහා රක්ෂණ ආවරණය එවැනි පිරිනැමීමක්. එයට විශාල ප්‍රතිචාරයක් මේ වන විට ලැබී තිබෙනවා.”
සත් වසරක් PickMe ආයතනයේ සේවය කරන ත්‍රිරෝද රථ රියැදුරු ප්‍රභාත් රොඩ්රිගෝ මහතා පැවසුවේ දෛනිකව රුපියල් 15ක් වැනි සුළු මුදලකට ලබාදෙන මහඟු රක්ෂණය ආපදාවකදී ඉතාමත් වටින බවයි. 'මට වසරකට කලින් කොරෝනා හැදුනා ඒ අවස්ථාවේ මේ රක්ෂණයෙන් අපිට විශාල ප්රතිලාභ ගණනාවක් හමුවුණා. සතියක් ඇතුලත අපට රු.40,000 මුදලක් ලැබුණා. මෙයින් ඇති වූ විශ්වාසයත් එක්ක මම මගේ බිරිඳවත් ඇතුළු කරගත්තා.” යැයි PickMe ආයතනය සමඟ එක්ව ත්‍රිරෝද රථ රියැදුරන්ට රක්ෂණ ආවරණ පිරිනමන සමූපකාර රක්ෂණ සමාගමේ නියෝජිත පාලිත කොඩිතුවක්කු මහතා, ඉදිරියට ත්‍රිරෝද රථ රියැදුරන්ගේ දරුවන් සඳහාද රක්ෂණ ලබාදෙන බව සඳහන් කළේය.
“අප දැනටමත් 5 ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ මෙන්ම සරසවි ප්‍රවේශ විභාග වලට මුහුණ දෙන දරුවන්ට රක්ෂණ වාරික ලබා දෙනවා. දැනට ආවරණය කර ඇති PickMe රියැදුරන් 11,000ක සංඛ්‍යාව ඉදිරියේදී 25,000 - 30,000 දක්වා වැඩි කරන්නට අප බලාපොරොත්තු වෙනවා.” සමූපකාර රක්ෂණ සමාගම විසින් සපයනු ලබන රු.මිලියන 4ක රක්ෂණ යෝජනා ක්‍රමය රියදුරුට හෝ පවුලේ අයට හදිසි අනතුරු මරණයක් හෝ ස්ථිර ආබාධිත අවස්ථාවකදී රු.3,000,000 දක්වා උපරිම වෛද්‍ය රක්ෂණ ආවරණයක් සපයයි. රක්ෂණ ප්‍රතිලාභීන්ට රු.1,000,000 දක්වා ජීවිත රක්ෂණ ආවරණයක් හිමි වන අතර, ඔවුනට බරපතළ අසනීප තත්ත්වයකදී, රු.මිලියන 1.5 සිට රු.300,000ක් අතර වන්දි මුදලක් ලැබෙනු ඇත.
රක්ෂණ යෝජනා ක්රමයේ කොන්දේසි යටතේ රෝහල්ගත කිරීමකදී ලැබෙන මුදල රු.30,000ක් වේ. පවුලේ අවමංගල්‍ය උත්සවයකදී රු.30,000 - රු 50,000 දක්වා ලබා දෙයි.