මීට පෙර චිනයේ සිට පැමිණෙන ගුවන් මගීන් පමණක් පරීක්ෂා කළත්, මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම ගුවන් මගීන් පරීක්ෂා කිරීමට තීරණය කර තිබේ.
කෝරෝනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සහ ඒ වෙනුවෙන් ගෙනයන වැඩපිළිවලේ වත්මන් තත්ත්වය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (31දා) පැවති මාධ්‍ය හමුවේදී මෙම කරුණු අනාවරණය කෙරිණි. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වුණි.
එහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරිය කියා සිටයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත කාන්තාව මේ වනවිට ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවයි.
චීනය හරහා අප්‍රිකාව වැනි දුර්වල සෞඛ්‍ය තත්ත්වයන් ඇති රටවල් වෙත ළඟා වුවහොත් ඇති විය හැකි අවදානම සලකා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් මේ වනවිට දැනුම්දී තිබුණත් ඒ පිළිබඳ අනිසි බියක් ඇතිකර ගත යුතු නැති බව එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
පැහැදිලිවම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංචාරය හා වෙළෙඳ තහංචි පැනවීම පිළිබඳ මේ වනතෙක් ප්‍රකාශයක් සිදුකර නොමැති බවද ඒ මහතා කීය.
කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මින් ඉදිරියට චීනයෙන් පැමිණෙන අය පමණක් නොව මෙරටට පැමිණෙන සියලු පුද්ගලයින් පරීක්ෂාවට ලක් කිරීමට තීරණය කර ඇති බවත් අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.