දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත මේ වනවිට යාපනය දිස්ත්‍රික්කයෙන් එළවළු තොග ලැබෙමින් පවතින බව වාර්තා වෙයි.
මේ සමගම පසුගිය කාලයේ අයහපත් කාලගුණය හේතුවෙන් හිඟයක්ව පැවති එළවළු මිල යථාතත්ත්වයට පත්වනු ඇති බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත් රු.200ක පමණ ඉහළ අගයක පැවති එළවළු තොග මිල මේ වනවිට රු.40ත් 80ත් අතර අගයක් ගන්නා බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.