ගෙවුණු වසර තුනක අනුරූප කාලපරිච්ඡේදයන් හා සැසඳීමේදී 2022 වසරේ පළමු මාස තුන තුළ ලංකා ඔටෝ ඩීසල් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් පරිභෝජනය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, 2022 ජනවාරි සිට මාර්තු 28දා දක්වා මාස තුනකට ආසන්න කාලය තුළ ලංකා ඔටෝ ඩීසල් පරිභෝජනය මෙට්රික් ටොන් 564,257ක් ලෙසත්, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් පරිභෝජනය මෙට්රික් ටොන් 314,656ක් ලෙසත් වාර්තා වෙයි.
එහිදී, පසුගිය 2021 වසරේ පළමු වැනි මාස තුන තුළ ලංකා ඔටෝ ඩීසල් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් පරිභෝජනය පිළිවෙළින් මෙට්රික් ටොන් 472,111ක් සහ 295,318ක් ලෙසත්, 2020 දී එය මෙට්රික් ටොන් 463,938ක් සහ 279,888ක් ලෙසත්, 2019 දී මෙට්රික් ටොන් 517,986ක් සහ 280,822ක් ලෙසත් පැවතී ඇත.
මීට අමතරව, ලංකා සුපර් ඩීසල්, භූමිතෙල් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් යන ඉන්ධන වර්ගවල පරිභෝජනයද පසුගිය 2020 සහ 2021 වසරවල මුල් මාස තුන හා සැසඳීමේදී මෙම කාලපරිච්ඡේදය තුළ යම් ඉහළ යෑමක් පෙන්නුම් කර ඇති බවද වාර්තා වෙයි.