‘මිහිතලයේ යහපැවැත්ම වෙනුවෙන් සිත්තමක මෙහෙවර’ නමින් නෙස්ලේ ලංකා සමාගම සංවිධානය කළ සමස්ත ලංකා පාසල් පෝස්ටර් චිත්‍ර තරගය පසුගියදා සාර්ථකව අවසන් වූ අතර, කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ කාණ්ඩවල ජයග්රාහකයින්ට සම්මාන පිරිනැමීමද සිදුව තිබේ.
ලෝකපරිසර දිනය නිමිත්තෙන් මාස දෙකක් පුරාවට පැවැති මෙම තරගය, අධ්‍යාපන අමාත්‍යංශයේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ දායකත්වය හිමි පාසල් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනේ දෙවැනි අදියර ලෙස සංවිධානය කර තිබුණි.
කලාප, පළාත් සහ සමස්ත ලංකා යන වට තුනක් යටතේ පැවැති තරගයට දිවයිනේ සියලු ප්‍රදේශ නියෝජනය කරමින් 60,000කට වැඩි නිර්මාණ ප්‍රමාණයක් ලැබී තිබීම විශේෂත්වයකි.
″ශ්‍රී ලංකාව තුළ ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය අවම කිරීමට අපි දැඩි සේ කැපවී සිටිනවා. ඒ වෙනුවෙන්, අපගේ ප්ලාස්ටික් ඇසුරුම් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි හෝ නැවත භාවිත කළ හැකි අයුරින් නිර්මාණය කිරීමටත්, අපද්‍රව්‍ය වෙන්කිරීම සහ එකතු කිරීම ශක්තිමත් කිරීමටත්, අපි අඛණ්ඩ ක්‍රියාමාර්ග ගන්නවා. රටේ තිරසාර සංවර්ධනය සහතික කරමින් අනාගත පරපුර තුළ යහපත් පුරුදු ඇති කරන පාසල් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන එම ගමනේ වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකියි. එවන් පසුබිමක, මෙම චිත්‍ර තරගය සංවිධානය කිරීමට හැකිවීම ගැන අපි බොහෝ සේ සතුටට පත්වෙනවා. එය අනාගත කලාකරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා ප්‍රදර්ශනය කිරීමේ වේදිකාවක් වගේම, හරිත හා පිරිසිදු හෙටක් සඳහා ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කමත් ශක්තිමත් කරනවා. මේ තරගයට සහභාගී වූ සියලුම දෙනාට සහ ජයග්‍රාහකයන්ට මගේ හෘදයාංගම සුබ පැතුම් එක්කිරීමටත් මෙය අවස්ථාවක් කරගන්නවා″ යනුවෙන් නෙස්ලේ ලංකා කළමනාකාර අධ්යක්ෂ බර්නාඩ් ස්ටෙෆාන් මහතා පැවසීය.
චිත්‍ර තරගයේ කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ අංශවල හොඳම නිර්මාණකරුවන් 10දෙනා ඇගයීම සහ ජයග්‍රාහකයන්ට සම්මාන ප්රදානය කිරීම වෙනුවෙන් 2023 ජූලි 07දා කොළඹ තර්ස්ටන් විදුහලේදී විශේෂ උත්සවයක් සංවිධානයකර තිබුණි.
එම අවස්ථාවටඅධ්යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ පෞද්ගලික ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ මහතා, වැඩසටහනට දායකත්වය දැක්වූ ආයතනවල නිලධාරීහු රැසක් මෙන්ම තර්ස්ටන් විදුහලේ විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතාද එක්ව සිටියහ.
″අපගේ අනාගත කලාකරුවන්ට පරිසරයේ ආරක්ෂාව සහ තිරසාරභාවය උදෙසාසිය කැපවීම නිර්මාණශීලීව ප්‍රකාශ කිරීමට මෙම තරගය සුවිශේෂී වේදිකාවක් සපයා දී තිබෙනවා. එය සංවිධානය කිරීමට දායකවීමට ලැබීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශය වශයෙන් අපිමහත් සතුටට පත්වෙනවා.පාසල් සිසුන් සිය කලාකුසලතාතුළින් ඔවුන් මෙන්ම අනාගත පරම්පරාව සඳහා සාමූහිකව පරිසර සංරක්ෂණය කිරීමේ වැදගත්කම පිළිබඳව අන් අය තුළත්පෙළඹවීමක් ඇති කරනවා″ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ පෞද්ගලික ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතාප්රකාශ කළේය.
″ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය වර්තමානයේ ඇති දැවැන්ත පාරිසරික ගැටලුවක්. එම නිසා පරිසර සංරක්ෂණය පිළිබඳ උනන්දුවක් දක්වන අනාගත පරපුර, ඒ වෙනුවෙන් සක්‍රීයව දායක කරගැනීමට සහ ඔවුන් බලගැන්වීමට මෙන්ම කලා කුසලතා භාවිත කරමින් සමාජ දැනුවත්භාවය වැඩිකිරීමට මෙම තරගය උපකාරී වුණා. පරිසර සංරක්ෂණය පිළිබඳ සමාජ උනන්දුවක් ඇතිකිරීමටත්, අපේ රට තුළ හරිතවත් සහ සමෘද්ධිමත් හෙට දවසක් උදෙසා තිරසාර සිතුවිලි ජනතාව තුළ ඇතිකිරීමටත් මෙම තරගය ඉවහල් වනු ඇතැයි මම විශ්වාස කරනවා″ යැයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ මහතා පැවසුවේය.
තරගයේ ඒ ඒ කාණ්ඩවලට අදාළ ජයග්‍රාහකයින් මෙසේය;
- කණිෂ්ඨ : ප්‍රථම ස්ථානය - සෙනුදි පහන්මි, විහාරමහාදේවි බාලිකා විද්‍යාලය; දෙවැනි ස්ථානය - විහඟ මියුරන්ද වීරසිංහ, සිරි පියරත්න මධ්‍ය මහා විද්‍යාලය සහ තෙවැනි ස්ථානය - කවිත්මා ඉඳුවරනි, මහාමායා බාලිකා විද්‍යාලය
- ජ්‍යෙෂ්ඨ : ප්‍රථම ස්ථානය– සුමුදු සඳරුවන්, බමුණුගම මහා විද්‍යාලය; දෙවැනි ස්ථානය - කවීෂා නුගවෙල, සීවලී මධ්‍ය මහා විද්‍යාලය සහ තෙවැනි ස්ථානය - රශ්මි ශෂිකලා මධුවන්ති, ධර්මාශෝක විද්‍යාලය.
‘වර්තමාන මෙන්ම අනාගත පරපුරටත් ජීවිතයේ ගුණාත්මකබව වර්ධනය කිරීමේ’ අරමුණ සමඟ ක්‍රියා කරන නෙස්ලේ සමාගම, ඉහළ ගුණාත්මකබවින් යුතු සිය ආහාර සහ පාන වර්ග නිෂ්පාදන පෙළ හරහා මුල් ළමාවියේ සිට වැඩිහිටි විය දක්වා පුළුල් පරාසයක පාරිභෝගිකයින්ට සමීප වී ඇත. 1906 වසරේ ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ආරම්භ කළ නෙස්ලේ ලංකා සමාගම වර්තමානය වන විට ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත තුළට බද්ධ වී ඇත. ශ්‍රී ලංකාව තුළ අලෙවි කරන නෙස්ලේ නිෂ්පාදනවලින් 90%කට වැඩි ප්‍රමාණයක් කුරුණෑගල පිහිටි එම සමාගමට අයත් කර්මාන්තශාලාවේ දැඩි සුරක්ෂිතතා සහ ගුණාත්මක ප්රමිතීන් මත නිපදවනු ලබයි.