ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයන ඉපැයීම් 2023 අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේදී ඇ.ඩො.මිලියන 989.7ක් දක්වා 16.6%කින් ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත්, එය 2022 මැයි මාසයට සාපේක්ෂව 5.59%ක අඩුවීමකි.
විශේෂයෙන්ම ඇඟලුම් සහ රෙදිපිළි, පොල් සහ පොල් ආශ්රිත නිෂ්පාදන යන ප්‍රධාන අපනයන නිෂ්පාදනවල පෙන්නුම් කරන සෘණාත්මක ප්‍රවණතාව හේතුවෙන් වෙළෙඳ භාණ්ඩ අපනයනයේ පහත වැටීමේ ප්‍රවණතාව තවදුරටත් පවතී.
මේ අතර, 2023 ජනවාරි සිට මැයි දක්වා කාලය සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඇ.ඩො.මිලියන 904.58ක් වූ අතර, එය 2022 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 12.07%ක වැඩිවීමකි.