2018 අප්‍රේල් මාසය අවසානයේදී වාර්තා වූ මෙතෙක් පැවති ඉහළම මට්ටම වන ඇ.ඩො.බිලියන 9.9ක දළ නිල සංචිත ප්‍රමාණය මැයි මාසය අවසාන වනවිට ඇ.ඩො.බිලියන 8.8ක් දක්වා පහළ ගොස් තිබේ.
මෙම සංචිත ප්‍රමාණය ආනයනික මාස 4.8කට ප්‍රමාණවත් බවත්, මැයි මාසය තුළදී ආසියානු නිශ්කාශන සංගමය වෙත ගෙවූ ඒකාබද්ධ ණය පහසුකමෙහි වාරික ගෙවීම් සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ආපසු ගෙවීම් මේ සඳහා මූලික හේතුව වූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මේ අතර, 2018 මැයි මාසය අවසාන වනවිට බැංකු අංශයේ විදේශ වත්කම්ද ඇතුළත් මුළු විදේශීය වත්කම් ප්‍රමාණය ඇ.ඩො.බිලියන 11.0ක් (ආනයනික මාස 6කට සමාන වන පරිදි) වූ බවද ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.