ශ්රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව 2022 ජනවාරි - ඔක්තෝබර් කාලපරිච්ඡේදය තුළ දී වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් ලද සමස්ත ඉපැයීම් එක්සත් ජනපද ඩොලර් බිලියන 11ක සීමාව ඉක්මවා ගොස් තිබේ.
මේ අනුව 2022 මුල්මාස 10 තුළ මුළු වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම රු. බිලියන 11.07ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
කෙසේ වෙතත්, වාර්ෂික පදනම මත 2022 ඔක්තෝම්බර් මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ලද ඉපැයීම් 8.18% කින්, හෙවත් ඇ.ඩො.මිලියන 1,094.8ක් දක්වා අඩුවී තිබේ.
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසන පරිදි මෙයට ප්රධාන වශයෙන් හේතුවූයේ ඇඟලුම් සහ රෙදිපිළි, තේ, රබර් ආශ්රිත නිෂ්පාදන, පොල් ආශ්රිත නිෂ්පාදන, කුළුබඩු සහ සුගන්ධ තෙල් සහ ධීවර අංශයේ අපනයන ආදායම අඩුවීමය. තවද, ගෝලීය අර්බුදයන්හි බලපෑම ප්රධාන නිෂ්පාදනවල අපනයන ආදායම අඩුවීමටද බලපා තිබේ.