මුදල් නීති පනතේ 8(2)(සී) වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාවේද අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට නව සාමාජිකයන් තිදෙනෙකු පත්කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයන් වශයෙන් 2020 පෙබරවාරි 26දා දින සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතාද, 2020 ජුනි 26 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ආචාර්ය රානි ජයමහ මහත්මිය සහ සමන්ත කුමාරසිංහ මහතාද මෙසේ පත්කර තිබේ.