ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 50කින් අඩු කිරීමට පියවර ගෙන තිබේ.
2020 ජනවාරි 29 වැනි දින පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණයට පැමිණ ඇති අතර, එහිදී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 7.00% සිට 6.50% දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 8.00% සිට 7.50% දක්වාත් පදනම් අංක 50කින් අඩුකර තිබේ.
මෙම තීරණය නිසා වෙළෙඳ පොළ ණය පොලී අනුපාතික තවදුරටත් පහළ යමින්, වෙළෙඳ පොළ තුළ සක්‍රීය ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය වනු ඇති බව විශ්වාස කෙරෙයි.