ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 7.00% සහ සියයට 8.00%ක් ලෙස දැනට පවතින මට්ටමේම නොවෙනස්ව පවත්වාගෙන යන බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, අද (10දා) පැවති රැස්වීමේදී මෙසේ ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවත්වගෙන යෑමට තීරණය කළ බව මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවේදී සඳහන් විය.
දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, මූල්‍ය වෙළෙඳ පොළෙහි මෙන්ම ගෝලීය ආර්ථිකයේ ප්රවණතා මනාව සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගත් බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.