මහ බැංකුව වෙත නැවත පැමිණීමට කැමැත්තක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයෙකු වූ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.
තමා යළිත් මහ බැංකු අධිපති ධුරය භාරගැනීමට සූදානම් වන්නේ දැයි කළ විමසීමකදී ඉහළ පෙළේ ආර්ථික විද්‍යාඥයෙකු වූ කුමාස්වාමි මහතා මෙම අදහස් පළකර තිබේ.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, වත්මන් අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම අසීරු අභියෝගයට මැනෙවින් මුහුණ දෙන අතර, තමන්ද ඊට සහාය ලබාදෙන බවයි.
"යළිත් මහ බැංකුවට එන්න මගේ කිසිම අදහසක් නැහැ. මගේ අදහසට අනුව, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉතා භයානක තත්ත්වයක් යටතේ අතිශයින් යහපත් කාර්යයක් ඉටු කරමින් සිටිනවා" කුමාරස්වාමි මහතා සඳහන් කර තිබේ.
නව අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා වන රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ අන්තර්වාර රජය ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා යළිත් මහ බැංකුවට ගෙනඒමට සූදානමක් පවතින බවට වූ අදහස් සමග මෙම පැහැදිලි කිරීම සිදුව තිබේ. එමෙන්ම වත්මන් අගමැතිවරයා සමග මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙතෙක් සාකච්ඡාවක් හෝ පවත්වා නොමැති බවට මත පළ වුවත්, පසුගියදා මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවේදී අධිපතිවරයා පවසා සිටියේ තමන් නව අග්‍රාමාත්‍යවරාය සමග සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වූ බවයි.