ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ එස්.ආර්. ආටිගල මහතා මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ලෙසින් නැවත වරක් පත්කර තිබේ.
මීට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කළ අමාත්‍ය මණ්ඩලයේද මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරය දැරූ ඒ මහතා වෙත, අලුතින් තේරීපත්වූ රජයේද එම අමාත්‍යාංශ ලේකම් ධුරයම හිමිවී ඇත.
ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකු, මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු මෙන්ම භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙකු කටයුතු කර ඇති ඒ මහතා අත්දැකීම් බහුල රාජ්‍ය සේවකයෙකි.
ආටිගල මහතා එක්සත් රාජධානියේ, වොරික් විශ්ව විද්‍යාලයෙන් ප්‍රමාණාත්මක සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධියද, කොළඹ විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියද ලබා ඇත.