කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල ශක්තිමත් කිරීම සඳහා මහජන බැංකු සමූහය සහ මහජන බැංකු විශ්‍රාමිකයින්ගේ සංගමය විසින් රු.මිලියන 18ක මූල්‍යමය පරිත්‍යාගයන් ලබාදීම ජනාධිපති කාර්යාලයේදී ඊයේ (31දා) සිදුව තිබේ.
මේ සඳහා වන චෙක්පත් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා වෙත ලබාදුන් බව මහජන බැංකුව කියයි.
මෙම අවස්ථාවට මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධීකාරි බොනිෆස් සිල්වා, පිපල්ස් ලීසිං හා ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධීකාරි සබ්රි ඊබ්‍රාහිම්, මහජන බැංකුවේ විශ්‍රාමිකයින්ගේ සංගමයේ සභාපති හර්ෂලාල් ජයවර්ධන, ලේකම් විජයසිරි මිහිඳූකුලසූරිය හා භාණ්ඩාගාරික එම්.ජේ.පී ගුණවර්ධන යන මහත්වරුන් සහභාගි වී ඇත.
නව කොරෝනා හෙවත් කොවිඩ්-19 වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය සහ ඒ සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසුකිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ස්ථාපිත කරන ලද සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට මහජන බැංකු සමූහය සහ මහජන බැංකු විශ්‍රාමිකයින්ගේ සංගමය මූල්‍ය පරිත්‍යාගයක් සිදුකරන ලද්දේ, රට තුළ හදිසි තත්ත්වයක් මතුව ඇති අවස්ථාවක සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය දිරිගැනීමට දායකත්වය ලබාදීමෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත නගාසිටුවීම දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් ලෙස සිය වගකීමක් ලෙස සලකමිනි. ඉදිරියටත් මෙම හදිසි තත්ත්වයෙන් මිදී නැවත ගොඩනැගීමේ ක්‍රියාවලියේදි ශ්‍රී ලංකා රජයට හා ශ්‍රී ලාංකිකයින්ට සිය උපරිම දායකත්වය හා සහයෝගය ලබාදීමට මහජන බැංකුව ඇපකැපවී සිටින බවද ඔවුන් දැනුම් දෙයි.
මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා වෙත කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා වන රු.මිලියන 10ක වටිනාකමින් යුත් මහජන බැංකුවේ චෙක්පත පිරිනැමූ අවස්ථාවට වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි බොනිෆස් සිල්වා මහතාද එක්ව ඇත. එමෙන්ම, සභාපතිවරයා විසින් මෙම අරමුදල සඳහා පීපල්ස් ලීසිං සමාගමේ රු.මිලියන 5ක වටිනාකමින් යුතු චෙක්පත පිරිනැමූ අවස්ථාවට පිපල්ස් ලීසිං හා ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධීකාරි සබ්රි ඊබ්‍රාහිම් මහතාද එක්ව තිබේ. මේ අතර මහජන බැංකුවේ විශ්‍රාමිකයින්ගේ සංගමයේ සභාපති හර්ෂලාල් ජයවර්ධන මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා වෙත කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා වන රු.මිලියන 3ක වටිනාකමින් යුත් මහජන බැංකු විශ්‍රාමිකයින්ගේ සංගමයේ චෙක්පත පිරිනමා තිබූ බවත්, ලේකම් විජයසිරි මිහිඳූකුලසූරිය මහතාද මෙම අවස්ථාවට එක්වූ බවත් සඳහන් වෙයි.