කොවිඩ්-19 වෛරසය හේතුවෙන් පනවා ඇති ඇඳිරි නීතිය නිසා බැංකු ශාඛාවන් වෙත යා නොහැකි ගනුදෙනුකරුවන්ට බැංකු සේවා සමීප කිරීමේ අරමුණින් මහජන බැංකුව සිය ජංගම බැංකුකරණ සේවාව දියත් කර තිබේ. ඒ අනුව මෙහි එක් පියවරක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ක්‍රියාත්මක වූ අතර, විශාල ගනුදෙනුකරුවන් පිරිසක් සේවය ලබාගෙන ඇත.
කොරෝනා වෛරස තත්ත්වය නිසා රජය ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය ලබාදෙමින් මහජන බැංකුව දියත්කළ මෙම ජංගම බැංකුකරණ සේවාව නිසි සෞඛ්යාරක්ෂිත ක්‍රියාපිළිවෙතක් සමග දියත්කර තිබේ. මෙම ජංගම බැංකුකරණ ඒකකය තුළ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් සහ මුදල් තැන්පත් කිරීමේ කවුන්ටරයක් පිහිටුවා තිබේ. එබැවින් ගනුදෙනුකරුවන්ගේ දොරකඩටම එන මෙම ජංගම බැංකුකරණ ඒකකය ඔස්සේ මුදල් ලබාගැනීමේ පහසුකම මෙන්ම තැන්පත් කිරීමේ පහසුකම හිමිවන බව පෙන්වා දෙයි.
මේ යටතේ 2020 මාර්තු 31 වැනි දින යක්කල වික්‍රමාරච්චි මාවතේද, 2020 මාර්තු 30 දින මීරිගමදීද, 2020 මාර්තු 29 වැනි දින පිහිටි ගම්පහ ඇනිකට් පාර, යක්කල බෝගමුව, මල්වතුහිරිපිටිය, ඉඹුල්ගොඩ යන ප්‍රදේශයන්හි මෙම සේවාව ක්‍රියාත්මක වී තිබේ.
අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ගෙනත් දෙන වැඩපිළිවෙළක් ඇතත් ඒවා මිලදී ගැනීමට අතේ මුදල් නැති තත්ත්වයක් තුළ මහජන බැංකුව ලබාදෙන මෙම සේවාව ජනතාවගේ ඉමහත් ප්‍රසාදයට ලක්ව ඇත. ඇදිරි නීතිය පවත්නා කාලසීමාවන්හි ගම්පහ දිස්ත්‍රික්කයේ සෙසු ප්රදේශවලද මෙම සේවාව ක්‍රියාත්මක වන අතර, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කත් ආවරණය වන පරිදි මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට මහජන බැංකුව කටයුතු යොදා තිබේ.
එමෙන්ම කොවිඩ්-19 වෛරසයෙන් ආරාක්ෂා විය යුතු අන්දම සහ මෙවැනි තත්ත්වයක් තුළ ගනුදෙනුකරුවන්ට අඛණ්ඩ සේවාවක් සැපයීම සඳහා මහජන බැංකුව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව http://www.peoplesbank.lk වෙබ් අඩවියට පිවිසිමෙන් හා බැංකුවේ නිල ෆේස්බුක් පිටුවට පිවිසිමෙන් දැන් ඔබට ලබාගත හැකි බව මහජන බැංකුව වැඩිදුරටත් දැනුම් දෙයි.




