බැංකු ක්ෂේත්රයේ සේවය කළ තම ඥාතීන් පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් 2015දී ඩීව් ගුණසේකර කෝප් කමිටුව ඉදිරියේ ලබාදී ඇති බැවින්, රු.මිලියන 300ක් වැයකර වෝහාරික විගණනයක් පවත්වා එම කරුණුම නැවත ප්‍රසිද්ධ කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
2002 වසරේ සිට 2015 දක්වා බැඳුම්කර ගනුදෙනුවලට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වෝහාරික විගණන වාර්තා 05ක් මගින් හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඥාතීන්ද ප්‍රාථමික ගැනුම්කරුවන්ගේ ආයතනවල ඉහළ තනතුරු හොබවා ඇති බවට නැඟෙන චෝදනා සම්බන්ධයෙන් %අද^ කළ විමසීමකදී අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙසේ සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කබ්රාල් මහතා,
'මේ වෝහාරික විගණන වාර්තා හෝරාගේ අම්මාගෙන් පේන ඇසීමක් වගෙයි. බැංකු ක්ෂේත්රයේ සේවය කළ මගේ ඥාතීන් පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක්, 2015 දී ඩිව් ගුණසේකර කෝප් කමිටුව ඉදිරියේදී මා විසින් ලබා දුන්නා. ඒ වගේම 2017 දීත් එවැනිම ප්‍රකාශයක් මා මාධ්‍යයට ලබා දුන්නා.
එබැවින් රු.මිලියන 300ක් වැය කරමින් වෝහාරික විගණනයක් පවත්වා, එම කරුණුම නැවත ප්‍රසිද්ධ කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි කියා මා විශ්වාස කරනවා. මෙහිදී වැදගත් වන්නේ මගේ ඥාතීන් සමග එකතු වී මම කිසියම් හෝ වැරැද්ද්ක හෝ පාඩුවක් සිදුවෙන ක්‍රියාවලියක යෙදී සිටියාද යන්න දැක්වීමයි. නමුත් ඒ සම්බන්ධයෙන් මෙම වෝහාරික වාර්තාවල පැහැදිලිවම දක්වා ඇති ආකාරයට, එවැනි කිසිදු වැරැද්දක් සිදු නොවී ඇති බව ඉතා පැහැදිලිවම ප්‍රකාශ වී තිබෙනවා" යැයි පවසා සිටියේය.