ජනාධිපතිවරණ පොරොන්දු ඉටුකරමින් ජනාධිපතිවරයා ඇතුළු රජය විසින් බදු වර්ග කිහිපයක් 2019 දෙසැම්බර් මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කරන බව ඊයේ (27දා) දිනයේදී ප්‍රකාශයට පත් කරන ලදී.
පාරිභෝගිකයින්ගේ බදු බර රජය විසින් අඩුකරන ලද්දේ පාරිභෝගිකයන්ට යම් සහනයක් ලබා දීම පිණිසය. රජයේ එම අරමුණ සාක්ෂාත් කිරීම සඳහා වෙළෙඳ ප්‍රජාව විසින් බදු අඩුකිරීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදිය යුතුය. මීට පෙර සිදුවූයේ රජය පාරිභෝගිකයන්ට සහන ලබා දුන්නද වෙළෙඳ ප්‍රජාව එම සහනය පාරිභෝගිකයන් වෙත ලබා නොදීමය.
එම නිසා මෙවර පාරිභෝගිකයන්ට ලබාදුන් බදු සහනය ජනතාව වෙත සත්‍ය වශයෙන්ම ලැබෙනවාද යන්න සොයාබැලීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සැකසීම අනිවාර්යෙන්ම කළ යුතුය.
අප සංවිධානය මෙම අවස්ථාවෙන් රජයෙන් ඉල්ලා සිටින්නේ අඩුකළ බදුවල සහනය පාරිභෝගිකයාට ලැබෙනවාද යන්න සොයා බැලීම සඳහා වන යාන්ත්‍රණයක් වහා සකසන ලෙස හා අඩුකළ බදුවල සහනය සත්‍ය වශයෙන්ම පාරිභෝගිකයාට ලබාදීමට වග බලා ගන්නා ලෙසයි.