වොෂින්ටයේ, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශයක් ලෙස සකසා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සැරිසරන වීඩියෝව ව්‍යාජ එකක් බව අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
එමෙන්ම, ඔහුගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් අමෙරිකානු නීති දෙපර්තමේන්තුව විසින් නිකුත් කළ බව පැවසෙන ලිපියද ව්‍යාජ එකක් බව කියැවෙයි.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව 2019 ජූලි මස 09 වැනිදා පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රකාශිකා මෝගන් ඔටේගස් විසින් නිකුත් කළ මෙම ප්‍රකාශය මෙසේ ව්‍යාජ ලෙස හඬ කවා විකෘති කර සමාජ මාධ්‍යයට මුදාහැර ඇති බව සඳහන් කරයි. එමෙන්ම, මෙහි වර්ණද ව්‍යාජ ලෙස වෙනස් කර සකස් කර ඇති බව එම ප්‍රකාශිකාව වැඩිදුරටත් පවසයි.