පාස්කු ඉරු දින සිදුවූ ත්රස්ත ප්රහාරවලින් පසුව බලපෑමට ලක්වූ සංචාරක පැමිණීම් මේ වනවිට යථා තත්ත්වයට පත්වීමක් දක්නට ලැබේ.
2019 සැප්තැම්බර් මාසයෙදී සංචාරක පැමිණීම් 108,575ක් ලෙස වාර්තා වී ඇති අතර, එය පෙර වසරේ අනුරූප මාසවලට සාපේක්ෂව, 2019 අගෝස්තු මාසයේ වූ 28.3%ක අඩුවීම සහ ජූලි මාසයේදී වූ 46.9%ක අඩුවීමට සාපේක්ෂව 27.2%ක අඩුවීමක් බව මහ බැංකුව කියයි.
මෙම පහළ යෑම සඳහා ප්රධාන වශයෙන් හේතු වී ඇත්තේ පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව චීනය හා එක්සත් රාජධානය වැනි ප්රධාන රටවලින් පැමිණි සංචාරකයන් ප්රමාණය අඩුවීම බවද මහ බැංකුව පෙන්වා දෙයි.
මේ අතර, 2018 සැප්තැම්බර් මාසයේදී වාර්තා වූ සංචාරක ඉපැයීම් ඇ.ඩො.මිලියන 280ට සාපේක්ෂව 2019 සැප්තැම්බර් මාසයේදී ඇ.ඩො.මිලියන 204ක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබේ.