වෙළෙඳ පොළ අවස්ථා හා අනාගත මිල පිළිබඳ පර්යේෂණ වාර්තා භාවිතයෙන් නිවැරදිම කොටස් හඳුනා ගැනීමේ වැඩසටහනක් එලැඹෙන ජූලි 21දා කොළඹ කොටස් වෙළෙඳ පොළ මීගමුව ශාඛා ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
කොළඹ කොටස් වෙළෙඳ පොළ මීගමුව ශාඛාව සහ Bartleet Religare පර්යේෂණ අංශය විසින් සංවිධානය කරන මෙම වැඩසටහන එදින පෙ.ව. 9.00 සිට 11.30 දක්වා සිංහල මාධ්‍යයෙන් මෙහෙයවනු ඇත.
ඒ පිළිබඳ වැඩි විස්තර සහ ලියාපදිංචිය කොළඹ කොටස් හුවමාරුවේ මීගමුව ශාඛාවේ දුරකථන අංක ඇමතීමෙන් (031 222 78 61 / 077 30 60 171) හෝ නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ලබාගත හැකි බව කොළඹ කොටස් වෙළෙඳ පොළ නිවේදනය කරයි.