නීතිවිරෝධී ලෙස ගුවන් ප්‍රවාහනය ඔස්සේ යම් පුද්ගලයෙකු හෝ පුද්ගලයන් ශ්‍රී ලංකාවෙන් පිට කිරීමට තමා උත්සාහ දරන බවට සමාජ මාධ්‍ය හරහා පැතිර යන අභූත සහ පදනම් විරහිත චෝදනා ප්‍රතික්ෂේප කරන බව සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධෘරී කපිතාන් තේමිය අබේවික්‍රම මහතා පවසයි.
එමෙන්ම, බලපත්‍රලාභී ගුවන් කාර්යමණ්ඩල සාමාජික සාමාජිකාවන්/ගුවන් නියමුවන් හට තර්ජනය කරමින් ඔවුන්ගේ වෘත්තීය කටයුතු සඳහා බාධා පැමිණවීමට උත්සාහ කරන බවට පැතිර යන අසත්‍ය පුවත් වගකිව යුතු ශ්‍රී ලංකා පුරවැසියෙකු ලෙසත්, නීතිගරුක රාජ්‍ය නිලධාරියෙකු ලෙසත් ප්‍රතික්ෂේප කරන බවද තේමිය අබේවික්‍රම මහතා නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පවසයි.