නිෂ්පාදන ක්‍රියාකාරකම්වල මෙතෙක් වාර්තා වූ පහළම අගය පසුගිය අප්‍රේල් මාසයේදී වාර්තා කර තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගෙ දර්ශකය පසුගිය මාර්තු මාසයට සාපේක්ෂව දර්ශකාංක 25.9කින් පහළ යමින් මෙතෙක් වාර්තා කළ පහළම දර්ශකය අගය වූ 41.0 වාර්තා කරමින් 2019 අප්‍රේල් මාසයෙදී නිෂ්පාදන ක්‍රියාකාරකම් පහළ යෑමක් වාර්තා කර තිබේ.
විශේෂයෙන්ම ආහාර හා පාන වර්ග සහ රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන අංශයන්හි නව ඇණවුම් සහ නිෂ්පාදන ක්‍රියාකාරකම්වල සිදුවූ සැලකිය යුතු අඩුවීම, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ මෙම පහළ යෑමට හේතු වී ඇත.
අප්‍රේල් මාසයේ පැවති අලුත් අවුරුදු නිවාඩුව සහ පාස්කු ඉරිදා දින සිදුවූ ප්‍රහාරයෙන් පසු රටේ පැවති ආරක්ෂක වැඩපිළිවෙළ කර්මාන්ත ශාලාවන්හි සුමට ක්‍රියාකාරීත්වය කෙරෙහි අහිතකරව බලෑමද මීට හේතු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.