'අපනයන ක්‍රියාපටිපාටිය සහ අදාල ලියකියවිලි' පිළිබඳ එක් දින වැඩමුළුවක් ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් එලැඹෙන ඔක්තෝබර් 10දා සංවිධානය කර තිබේ.
නො.450, ඩි.ආර්.විජේවර්ධන මාවත, කොළඹ 10 යන ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පෙ.ව.8.30 සිට ප.ව.4.30 දක්වා මෙය පැවැත්වීමට නියමිතය.
භාණ්ඩ හා සේවා අපනයන ක්රියාවලියෙහි නිරත ව්‍යාපාරික අංශ සඳහා මෙන්ම, අපනයන ක්‍රියාවලියේ නිරතවීමට බලපොරොත්තුවන ව්‍යාපාරික ප්‍රජාව සඳහා පවත්වනු ලබන මෙය, අපනයන ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහාත්, අපනයන ක්‍රියාවලියේදී මතුවන ගැටළු මඟහරවා ගනීමින් අපනයන ක්‍රියාවලිය වඩාත් සුමට කරගනිමින් ලාභ උපරිම කරගැනීම සඳහාත් අවශ්‍ය යාවත්කාලීන වූ මුලධර්ම පිළිබඳ විශ්ලේෂණාත්මක විග්‍රහයක් ලබාදෙනු ඇති බව ඔවුහු පවසති. එමෙන්ම, ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුළ ඔබ ආයතනයට පවතින අවස්ථා උපරිම කරගනිමින්, ආයතනයේ අභිලාශ ඉටුකරගැනීම සඳහා අවශ්‍ය ප්‍රායෝගික කරුණු මෙමගින් ලබාදෙනු ඇති බව ඔවුහු පෙන්වා දෙති. මෙම ක්ෂේත්රයෙහි වසර 36ක අත්දැකීම් ඇති ශ්‍රී ලංකා රේගුවේ හිටපු අධ්යක්ෂ ටී. රවින්ද්‍රරාජා මහතා මෙහි සම්පත් දායකත්වය සපයන බව ඔවුහු වැඩිදුරටත් පවසති. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 011-4741788, 011-2689600 යන දුරකථන අංක අමතා ලබාගත හැකිය.