නව රජය බලයට පත්වීමෙන් පසු සුවිශේෂී බදු සහන රැසක් මේ වනවිට ප්රකාශයට පත් කර ඇති අතර මේ තත්ත්වය තුළ කොටස් වෙළෙඳ පොළ තවදුරටත් පිබිදීමක් වාර්තා වන බව කියයි.
පසුගිය 28දා කොටස් වෙළෙඳ පොළ තුළ රු.බිලියන 2.78ක පිරිවැටුමක් වාර්තා වූ අතර, මෙහිදී දේශීය ආයෝජකයන් සක්රීයව දායකවීම විශේෂත්වයකි.
මේ අතර, නව බදු සංශෝධනවලින් බදු වර්ග රැසක් සංශෝධන ව්යාපාරික සමාගම්වලට සෘජුව බලපාන ඒවා වේ. විශේෂයෙන්ම වැට් බදු අනුපාතිකය 8% ක් දක්වා පහත හෙළීම, ජාතිය ගොඩනැගීමේ බදු ඉවත් කිරීම, වැට් බදු සඳහා අදාළ වන ආයතනික පිරිවැටුම වර්ෂයකට රු.මිලියන 300ක් දක්වා ඉහළ දැමීම, විදුලිසංදේශ බදු 25%කින් පහළ දැමීම ආදිය සමාගම්වල බදු බර අඩු කිරීමටත්, ඒවායෙහි ලාභදායීත්වය ඉහළ නැංවීමටත් සෘජුව උපකාරී වනු ඇත.