ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනයේ තැන්පත්කරුවන් වෙත රක්ෂණ වන්දි ගෙවීමේ වැඩසටහනෙහි දෙවැනි අදියර 2020.07.02 වැනි දින සිට ආරම්භ කිරීමට ශ්රී ලංකා මහ බැංකුව කටයුතු යොදා තිබෙ.
එම ගෙවීම් එදින සිට දිවයින පුරා පිහිටි මහජන බැංකු ශාඛා 63ක් මගින් සිදු කෙරෙනු ඇත. මෙම රක්ෂණ වන්දි ගෙවීමේ ක්රමවේදය යටතේ එක් තැන්පත්කරුවෙකු සඳහා ගෙවනු ලබන උපරිම මුදල රුපියල් 600,000/-කි.
මෙම දෙවැනි අදියර ක්රියාත්මක කිරීමත් සමග ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. විසින් ගෙවීම් තහවුරු කරනු ලැබූ අනෙකුත් සියලුම තැන්පත්කරුවන්ට ගෙවීම් කිරීම 2020.07.02 දින සිට ආරම්භ කරනු ඇති බව මහ බැංකුව කියයි.
පහත දැක්වෙන දුරකථන අංකයන් වෙතින් මේ සම්බන්ධ වැඩි විස්තර ලබා ගත හැකි ය.
මහජන බැංකුව : 0112 481 594, 0112 481 320, 0112 481 612, 0112 481 703
ශ්රී ලංකා මහ බැංකුව : 0112 398 788, 0112 477 261