ද ෆිනෑන්ස් කොම්පැනි පීඑල්සී ආයතනයේ තැන්පත්කරුවන් වෙත රු.ලක්ෂ 6ක උපරිමයකට යටත්ව රක්ෂණ වන්දි ගෙවීම 2020 ජුනි මස 07 වැනි දින ආරම්භ කර ඇති අතර, දිවයින පුරා මහජන බැංකු ශාඛා 63ක් මගින් මේ වනවිට ගෙවීම් සිදුකරන බව මහ බැංකුව දැනුම් දෙයි.
ද ෆිනෑන්ස් කොම්පැනි පීඑල්සී ආයතනය මගින් තහවුරු කරනලද තැන්පත්කරුවන් 147,000කට පමණ රක්ෂණ වන්දි ගෙවීම සඳහා අවශ්‍ය මුදල් තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල වෙතින් මේ වනවිටත් වෙන්කර දී අවසන්ය. 2020 ජූලි 12දා වනවිට ද ෆිනෑන්ස් කොම්පැනි පීඑල්සී ආයතනයේ තැන්පත්කරුවන් 19,279ක් මහජන බැංකුව වෙත පැමිණ තමන්ට හිමි රක්ෂණ වන්දි මුදල් ලබාගෙන ඇති අතර, ඒ වෙනුවෙන් මේ දක්වා වැය වී ඇති මුදල රු.5,175,336,249.68ක් (රු.කෝටි 517ක් පමණ) වේ.
සැලකිය යුතු තැන්පත්කරුවන් ප්‍රමාණයක් තවමත් තමන්ට හිමි රක්ෂණ වන්දි මුදල් ලබාගැනීම සඳහා පැමිණ නොමැති බැවින් මහජන බැංකුව වෙත පැමිණ තමන්ට හිමි රක්ෂණ වන්දි මුදල් ලබාගන්නා ලෙස ද ෆිනෑන්ස් කොම්පැනි පීඑල්සී ආයතනයේ මුදල් තැන්පත් කර තිබූ, ඉහත සඳහන් පරිදි ආයතනය විසින් තහවුරු කරනලද සියලුම පුද්ගලයන්ට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙයින් දැනුම් දෙනු ලැබේ.
මේ පිළිබඳ වැඩි විස්තර මහජන බැංකුවේ 0112-481594, 0112-481320, 0112-481617, 0112-481703 අමතා ලබාගත හැකිය.