ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දළ දේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තු වෙනස් කරනලද බවට සාමාන්‍ය ජනතාව නොමඟ යවමින් ඇතැම් පාර්ශ්ව විසින් ප්‍රකාශයන් මාධ්‍ය වෙත නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිරීක්ෂණය කර ඇති බව නිවේදනය කරයි.
2007 වසරේ සිට දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු සම්පාදනය කිරීමේ පූර්ණ වගකීම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇති බවද මහ බැංකුව පෙන්වා දෙයි.
එබැවින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දළ දේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තු වෙනස් කරන ලදැයි කරනු ලබන චෝදනා මුළුමනින්ම පදනම් විරහිත බවද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසයි.