මෙරට අධ්‍යාපන ක්‍රමවේදය සවිබල ගැන්වීමේ සහ ශ්‍රී ලංකාවේ දුවා දරුවන් වෙනුවෙන් යහපත් අනාගතයකට සහය වීමේ ප්රයත්නයක් ලෙස, LOLC සමූහය 2023 පෙබරවාරි මාසයේදී "දිවි සවිය" ආරම්භ කර තිබේ.
මෙම වැඩසටහන මගින් දිවයිනේ අවශ්‍යතා ඇති පාසල් හා පාසල් සිසුන් වෙනුවෙන් අධ්‍යාපනය සඳහා අවශ්‍ය පාසල් උපකරණ කට්ටල බෙදාදීමක් සිදු කරනු ලබයි. මෙමඟින් මෙරට පාසල් දුවා දරුවන්ට අධ්‍යාපනයට හිතකර පරිසරයක් සකසා දීම අපේක්ෂා කෙරේ.
"දැයේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්" යන තේමාව යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන මඟින් 1 සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් දරුවන්ගේ අභ්‍යාස පොත්, පාසල් බෑග්, පෑන්, පැන්සල්, වර්ණ පෙට්ටි, කවකටු පෙට්ටි ඇතුළු වාර්ෂික අවශ්‍යතා සපුරාලීම අරමුණු කරයි. මෙම උදාර ප්රයත්නය තුළින් LOLC සමූහය දරුවන්ගේ පාසල් අවශ්‍යතා සපුරාලීමේදී බොහෝ පවුල් මුහුණ දෙන මූල්‍යමය දුෂ්කරතා අවම කිරීමට සහ සිසුන්ට තම අධ්‍යයන කටයුතු කෙරෙහි සිය අවධානය මුළුමනින්ම යොමු කිරීමට අවස්ථාව සලසා දීමටද කැපවී සිටී.
දිවයිනේ සෑම අස්සක් මුල්ලක් නෑරම ආවරණය වන පරිදි 1 සිට 50 දක්වා ශිෂ්‍ය ප්‍රජාවක් සිටින සියලුම පාසල් 1,390 වෙත ළඟා වෙමින් "දිවි සවිය"ව්‍යාපෘතියේ ආරම්භක අදියර කැපීපෙනෙන සාර්ථකත්වයක් අත්කර ගන්නට විය. මේ වන විට ක්‍රියාත්මක දිවි සවිය දෙවන අදියර හරහා 51 සිට 100 දක්වා ශිෂ්‍ය ප්‍රජාවක් සිටින පාසල් 1,512ක් දක්වා මෙම ව්‍යාපෘතිය ව්‍යාප්ත කරමින් දියත් කිරීමට අපේක්ෂා කරයි.
ව්‍යාපෘතිය මගින් මාස පහක් පුරාවට, ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි පාසල් උපකරණ කට්ටල 108,731ක් බෙදා හැරීමට ඉලක්ක කර ඇති අතර එහි සම්පූර්ණ ආයෝජනය රුපියල් බිලියන 1.5 කි.
LOLC දිවි සවිය 02 අදියර එළිදැක්වීමේ උත්සවය 2023 අගෝස්තු මස 2 වැනි දින කුරුකුලාව ශාන්ත ලාසරස් විද්‍යාලයේදී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ හා LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කිත්සිරි ගුණවර්ධන මහතා ප්රමුඛ සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මීට අමතරව මෙම අවස්ථාවට LOLC සමූහ ව්‍යාපාරය, සිරස TV සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන නිලධාරීන්ද සහභාගී විය.
"දිවි සවිය" දෙවැනි අදියර සමාරම්භක උළෙලේදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් වත්මන් සමාජ-ආර්ථික සන්දර්භය තුළ "දිවි සවිය" ව්‍යාපෘතියේ වැදගත්කම පෙන්වා දෙමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය නංවාලීම සඳහා LOLC සමූහයේ කැපවීම පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය. ඔහු සඳහන් කළේ, "අපේ රටේ දරුවන් මේවන විට වහා අවධානය යොමු කළ යුතු අභියෝග රැසකට මුහුණපාමින් සිටිනවා. ලෝකය වෙනස් වෙමින් දියුණු වන විට අපගේ සිසුන්ගේ අවශ්‍යතාද ඒ අනුව වෙනස් වෙනවා. 'දිවි සවිය' ව්‍යාපෘතිය දියත් කරනු ලබන්නේ රටේ දරුවන්ට අවශ්‍යම මොහොතකදීයි. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර අතිවිශිෂ්ට සාර්ථකත්වයක් අත්කර ගත්තා සේම, මෙම නව මුලපිරීම ද මුළු රට පුරා සිටින සිසුන්ට හිතකර ඉගෙනුම් පරිසරයක් සහතික කිරීම සඳහා සැලකිය යුතු බලපෑමක් ඇති කරන බවට අපට කිසිදු සැකයක් නැහැ." යනුවෙනි.
LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කිත්සිරි ගුණවර්ධන මහතා ජාතියේ තාරුණ්‍යයේ සුබසාධනය වෙනුවෙන් සංවිධානයේ වගකීම අවධාරණය කළේය.
"ශ්‍රී ලංකාව තුළ බිහි වූ බහුජාතික සමූහ ව්‍යාපාරයක් ලෙස, ආරම්භයේ සිටම අපගේ ආචාර ධර්මවල අනිවාර්ය අංගයක් වූ සමාජය වෙනුවෙන් යමක් ආපසු ලබා දිය යුතුයි යන්න අප සෑමවිටම විශ්වාස කරනවා. අපගේ තරුණයන් සවිබල ගැන්වීම ජාතියේ සාර්ථකත්වය කරා යන ගමනට ඇති අගුලු හැරීමේ යතුර බව අපි තරයේ විශ්වාස කරන අතර ඉගෙනීමට සහ වර්ධනයට අත්‍යවශ්‍ය මෙවලම්වලින් ඔවුන්ව සන්නද්ධ කරමින්, අපි ඉදිරි පරම්පරාවන්ට ඵල දරන, ප්රගතියේ බීජ වපුරන්නෙමු. 'දිවි සවිය' ශ්‍රී ලංකාවේ අනාගත පරපුරට සහය වීමට සහ දීප්තිමත් හෙටක් සඳහා ආයෝජනය කිරීම වෙනුවෙන් LOLC අපගේ, කැපවීම ආදර්ශවත් කරයි."
විශේෂයෙන් ආර්ථික දුෂ්කරතා මෙරට ළමා ප්‍රජාවට බලපා ඇති අතර, එම දුෂ්කරතා හමුවේ ඇතැම් සිසුන්ට ඔවුන්ගේ මූලික අයිතිවාසිකම වන අධ්‍යාපනය කෙරෙහි ඇති අවධානය නැති වී යයි. ශ්‍රී ලාංකේය භූමියේ උපන් සැබෑ බහුජාතික සමූහ ව්‍යාපාරයක් ලෙස, LOLC සැමවිටම තම ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් කැපවී සිටී. "දිවි සවිය" පළමු අදියර සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීම තුළින්, ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පාසල් අධ්‍යාපනයෙන් දුරස් වී සිටි දුවා දරුවන්ට සහනයක් වෙමින් දරුවන් නැවත පාසල් වෙත පැමිණීම දිරිමත් කිරීමට මෙම ව්‍යාපෘතිය සමත් විය. "දිවි සවිය" දෙවැනි අදියර තුළින්ද මෙරට දුවා දරුවන්ගේ අධ්‍යාපන සිහින සැබෑ කිරීමට අත්වැළක් වීමට අපේක්ෂා කරනු ලැබේ. ඉහළ උද්ධමනය සහ ඉහළ යන භාණ්ඩ මිල හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් මුහුණදෙන අභියෝග හඳුනා ගනිමින් LOLC, ජාතියේ සහාය වෙනුවෙන් මෙලෙස ප්‍රතිචාර දක්වන්නේය.