ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මූල්‍ය අංශයේ ස්ථායීතාව පවත්වාගෙන යනු ඇති බවට කරන ලද සහතිකය හා ඒ සම්බන්ධ අදාළ ක්‍රියාවලිය පිළිබඳව සපයන ලද පැහැදිළි කිරීම ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) සාදරයෙන් පිළිගෙන තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ අධිපතිවරයාගේ එම ප්‍රසිද්ධ නිවේදනය මගින් වැදගත් ගැටලු ආවරණය කර ඇති බවයි. එමෙන්ම, ඉදිරි දේශීය ණය ප්‍රශස්තකරණය (DDO) හෝ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම (DDR) මගින් මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට බලපෑමක් සිදු නොවන බවටත්, එමගින් බැංකු හෝ බැංකු නොවන මූල්‍ය ආයතනවල තැන්පත්කරුවන්ට කිසිඳු ආකාරයකින් අහිතකර බලපෑමක් සිදු නොවන බවටත් නිශ්චිත සහතිකයක් ඇතුලත් කර ඇති බවද එම සංගමය පවසයි.
එසේම, බැංකු අංශය සඳහා ලබාදී ඇති දින පහක නිවාඩුව, රජය තුළ DDO / DDR උපාය මාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ප්‍රමාණවත් දින වකවානුවක් ලබාදීමට සහ මහජනතාවට සහ වෙළෙඳපොළ සහභාගීවන්නන්ට ආවර්ජනය කිරීමට අවස්ථාවක් ලබාදීම සඳහා වූවක් බවද මහ බැංකු අධිපතිවරයා පැහැදිළි කර ඇති බව SLBA සංගමය පවසයි.
මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කිරීමට අමතරව, DDO / DDR උපාය මාර්ග ප්‍රකාශයට පත්කළ යුතු බවටත්, විවාදයක් මගින් පාර්ලමේන්තුවේත්, කැබිනට් මණ්ඩලයේ හා රාජ්‍ය මුදල් කාරක සභාවේ අනුමැතිය ලබා ගැනීමේ නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කළ යුතු බවටත්, මහ බැංකු අධිපතිවරයා සිදුකළ ප්‍රකාශයද සංගමය පිළිගෙන ඇත.
මෙම දින පහක නිවාඩුව තුළ සාමාන්‍ය පරිදි ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර, මාර්ගගත සහ වෙනත් ඩිජිටල් ක්‍රම හරහා තම බැංකු සේවා ලබා ගැනීමට ගනුදෙනුකරුවන්ට හැකි බවද මහ බැංකු අධිපතවරයා පැහැදිලි කළ බව සඳහන් කරමින් SLBA පෙන්වා දුන්නේ, බැංකුවල ප්‍රාග්ධන සහ ද්‍රවශීලතා අනුපාතයන්, නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළින් පවතින බැවින් බැංකු විසින් මෙම දර්ශක කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන බවයි.
SLBA මගින් ශ්‍රී ලංකාවේ සියලු බලපත්‍රලාභී බැංකු නියෝජනය කරන අතර, සාමාජිකයන් අතර සහයෝගීතාව හා අවශ්‍ය පරිදි බැංකු අංශයේ මෙහෙයුම් සම්බන්ධීකරණය දිරිමත් කරන බවත් එම සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. මෙම සීමාව තුළ, ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් සකස් කරන ලද ප්‍රතිපත්ති සහ නියාමන රාමුවට අනුකූලව ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් බැංකු ව්‍යුහයක් පවත්වාගෙන යාම සහ සංවර්ධනය කිරීම සඳහා සහාය වීම ප්‍රධාන අරමුණක් වන බවද SLBA සංගමය වැඩිදුරටත් පවසයි.