හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP) පැමිණෙන රෝරෝ නෞකා බහුල වීමත් සමග ප්‍රතිනැව්ගත වාහන ගාල් කිරීම සඳහා අමතර ස්ථාන 5,000ක් ඇතුලත් අංගණයක් ඉදි කිරීමට වරාය පියවර ගෙන ඇත.
දැනට වාහන ඒකක 28,000කට පමණ පහසුකම් සැලසීමේ හැකියාව ඇති HIP, රෝරෝ වාහන ප්‍රතිනැව්ගත කිරීමේ ප්‍රධාන නෞකා සමාගම් නවයකට සේවා සපයයි. ඉදිරි මාස කිහිපය තුළ, නැව් සමාගම් කිහිපයක් විසින් විශාල රෝරෝ පරිමාවන් HIP හරහා ප්‍රතිනැව්ගත කිරීමට නියමිතව ඇති බැවින්, නව අංගණය කඩිනමින් නිම කිරීමට වරාය කළමනාකාරිත්වය අපේක්ෂා කරයි.
වාහන නැවැත්වීමේ ඉඩ ප්‍රමාණය, තවත් පුළුල් කරමින් වර්ග මීටර් 68,000 යුත් රෝ රෝ අංගණයක් ඉදි කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 8ක මුදලක් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) විසින් ආයෝජනයක් කර ඇත. ඉදිරි මාස 7 තුළ නිමා වන මෙම පහසුකම, වරාය නැංගුරම් පොළේ සිට මීටර් 55ක දුරකින් ඉදි වේ.
“අපගේ විශ්වසනීත්වය, ආරක්ෂිත ප්රමිතීන්, වේගවත් මෙහෙයුම් සහ උපායමාර්ගික පිහිටීම යන හේතු නිසා, රෝ රෝ ප්‍රතිනැව්ගත කිරීමේ ආකර්ශනීය ගමනාන්තයක් බවට HIP පත්වෙමින් තිබෙනවා. ගෝලීය ආර්ථිකය ක්‍රමක්‍රමයෙන් දියුණු වනවාත් සමඟ, අපගේ පරිමාවන් තවදුරටත් ඉහළ නැංවීමට අප බලාපොරොත්තු වෙනවා. එවගේම අපේ ගනුදෙනුකරුවන්ගෙ විශ්වාසය දිනා ගනිමින්, ගෝලීය ප්‍රමිතින්ට අනුව උපායමාර්ගික වැදගත්කමක් ඇති ක්ෂේත්රවල ආයෝජන අඛණ්ඩව සිදු කිරීම අපගේ අපේක්ෂාවයි” යනුවෙන් HIPG හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා පැවසීය.
2023 මැයි මාසය වනවිට රෝ රෝ ඒකක 271,000කට අධික ප්‍රමාණයක් වරාය විසින් හසුරුවා ඇති අතර වසර අවසන් වනවිට එම සංඛ්‍යාවේ සැලකිය යුතු වර්ධනයක් අත්පත් කර ගැනීමට HIP සැලසුම් යොදා ඇත.