තාක්ෂණය පාදක කරගත් ආර්ථිකයක් සදහා ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ජාතික ඩිජිටල් සංවර්ථන (Transformation) නව සැලසුම් ලෝක බැංකු නියෝජිතයින්ගේ ඇගයුමට ලක්ව තිබේ.
මෙම සැලසුම් ක්‍රියාත්මක කිරීම සදහා පාර්ශ්වකරුවෙකු ලෙස අවශ්‍ය සහාය ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව ලෝක බැංකු නේවාසික කළමනාකාරිනී චියෝ කන්දා මහත්මිය ප්‍රකාශ කර ඇත.
ලෝක බැංකු කලාපීය නියෝජිතයන් තාක්ෂණ අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමග පැවති සාකච්ඡාවකදී මෙම අදහස් ප්‍රකාශ කර ඇත. සාකච්ජාව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේදී පවත්වා තිබුණි.
නව තාක්ෂණ අමාත්‍යාංශයේ කාර්යභාරය, ප්‍රමුඛතා හා අභියෝග පැහැදිලි කිරීමත්, දැනට ක්‍රියාත්මක ඩිජිටල් සන්වර්ථන ක්රිවයාවලියට ලෝක බැකු සහාය ලබා දෙන්නේ කෙසේද යන්නත් සාකච්ජා කිරීම මෙම හමුවේ අරමුණ වී ඇත.
