පාස්කු ප්රහාරයෙන් පසුව ක්රමයෙන් යථාතත්ත්වයට පැමිණෙමින් තිබූ සංචාරක පැමිණීම් 2019 ජූනි මාසයේ වාර්තා වූ 63,072කට සාපේක්ෂව 2019 ජූලි මාසයේදී 115,701ක් දක්වා 83.4%කින් ඉහළ ගොස් තිබේ.
මේ අතර, පෙර වසරේ අනුරූප මාසවලට සාපේක්ෂව, 2019 මැයි සහ ජූනි මාසයන්හි පිළිවෙළින් වාර්තා වූ 70.8%ක සහ 57.0%ක අඩුවීමට සාපේක්ෂව 2019 ජූලි මාසයේ සංචාරක පැමිණීම්හි පහත වැටීම 46.9%ක පහළ අගයක් ගෙන තිබුණි.