කෝර්ඩීලියා සමාගමේ ‘MV Empress’ නෞකාව ජුනි මාසය තුළ සංචාරකයින් 2,618ක් රැගෙන හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) වෙත පැමිණි තිබේ.
එක් මසක් ඇතුළත ගමන් වාර 4ක් නිමාකළ මෙම නෞකාව චෙන්නායි වරායේ සිට ශ්‍රී ලංකාවේ හම්බන්තොට, ත්‍රිකුණාමලය, කොළඹ සහ කේ.කේ.එස්. යන වරායන් 4ට ක්‍රමවත්ව චාරිකාවන් සිදු කරයි. රට තුළ මෙලෙස නෞකා සංචාරයන් සිදුවන පළමු වැනි අවස්ථාව මෙයයි.
HIP වෙත පැමිණි සංචාරකයන්ට දියලුම දිය ඇල්ල, කැස්බෑ අභිජනනාගාරයක් මෙන්ම යාල, උඩවලව සහ බූන්දල ජාතික වනෝද්‍යාන වැනි ආකර්ෂණ ස්ථාන කිහිපයකට දින චාරිකාවන්හි යෙදීමට හැකිවිය.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) වාණිජ හා අලෙවි කටයුතු පිළිබඳ සාමාන්‍යාධිකාරී ලාන්ස් සූඕ මහතා අදහස් දක්වමින්, "HIP හි මගී ප්‍රවාහන නැව් සඳහා විශේෂ නැංගුරම් පොළක් අපි වෙන්කර ඇති අතර, දකුණේ ගමනාන්ත වෙත කඩිනම් සංචාරවල යෙදෙන මගීන් පිළිගැනීමට අපගේ සේවාවන් යෝග්‍ය ලෙස සකස් කර තිබෙනවා.” යැයි පැවසීය.
වෑන් සහ ත්‍රිරෝද රථ වැනි ප්‍රවාහන පහසුකම් සැපයීම තුළින් දේශීය සංචාරක කර්මාන්ත ව්‍යවසායකයන්ට මෙය මහඟු අවස්ථාවක් බව ඔහු වැඩිදුරටත් පැවසීය. පසුගිය වසරේ සිව්වැනි කාර්තුවේ සිට මෙම කලාපයේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමේ දැඩි වෑයමක හම්බන්තොට ජාත්‍යන්තර වරාය නිරත වූ අතර, එය රටේ ආර්ථික ප්‍රකෘතිය උදෙසා ඉතා වැදගත් බව වාණිජ හා අලෙවි කටයුතු පිළිබඳ සාමාන්‍යාධිකාරී ලාන්ස් සූඕ මහතා අවධාරණය කරයි.