හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) මෙහෙයුම් සහ සේවා පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සඳහා ජර්මනියේ කාල්ස්රුවා (Karlsruhe) තාක්ෂණ ආයතනයේ උපාධි අපේක්ෂක සිසුන් සහ මහාචාර්යවරුන් පිරිසක් පසුගියදා වරාය සංචාරයක නිරත වී තිබේ.
භූගෝල විද්‍යාව හදාරන මෙම සිසුන් පිරිස සමුද්‍රීය ක්ෂේත්රයේ මතු වන අවශ්‍යතා සඳහා HIP වරාය ලබාදෙන දායකත්වය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට උනන්දු වී ඇති අතර, HIP විසින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සඳහා ලබාදෙන ප්රමුඛත්වයක ඔවුන්ගේ ප්‍රසාදයට ලක්ව ඇත.
එහිදී, වාණිජ හා අලෙවි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පෙරේරා මහතා විසින් වරායේ ක්‍රියාකාරකම් පිළිබඳව ඉදිරිපත් කිරීමක් සිදුකර ඇති අතර, සිසුන් විසින් අසන ලද පැනයන්ට HIP කණ්ඩායම පිළිතුරු සපයන ලදී. නව ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා වරාය ගෙන ඇති පියවර, වරායේ සංවර්ධන සැලසුම්, මෙන්ම දැනට ඉදිවෙමින් පවතින සුඛෝපභෝගී මුහුදු යාත්‍රා නිපදවීමේ අංගනය, පොහොර ගබඩා පහසුකම සහ ටයර් නිෂ්පාදන කම්හල වැනි දැවැන්ත ව්‍යාපෘති පිළිබඳවද ඔවුන් දැනුවත් කර ඇත. සිසුන් 15දෙනෙකු සහ මහාචාර්යවරු දෙදෙනෙකු මෙම පිරිසට එක්ව සිට තිබේ.