චීන ජාතිකයින්ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් වීසා ලබාදීම (Visa on Arrival) නතර කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාවන්නි ආරච්චි මහත්මිය පවසයි.
ඇය පෙන්වා දෙන්නේ පවතින වාතාවරණය හමුවේ නැවත දැනුම්දෙන තුරු මෙම තීරණය වලංගු බවයි.
“චීන ජාතිකයින් ශ්‍රී ලංකාවට පැමිණියාට පසු ඔවුන්ට විසා ලබාදීම තමයි සාමාන්‍යයෙන් සිදු කෙරෙන්නේ. මේ තත්ත්වය පිළිබඳ ජනාධිපතිතුවරයාගේ උපදේශකත්වයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුව විසින් සාකච්ඡාවකට ලක් කළා. එහිදි ආගමන විගමන පාලකවරයා අප සමග සාකච්ඡා කළා. ඒ අනුව ජනාධිපතිවරයාට මා නැවැත කථා කර උපදෙස් ලබාගත්තා. ඒ අනුව මින් ඉදිරියට ශ්‍රී ලංකාවට චීන ජාතිකයින් පැමිණීමේදී ලංකාවට ගුවන් තොටුපලේදී (Visa on Arrival) වීසා ලබාදීමක් සිදුවන්නේ නෑ. ඔවුන් චීනයේ දී ලංකාවට වීසා ඉල්ලුම් කළ යුතුයි. ඒ අනුව ඒ වීසා ඉල්ලුම් පත්‍රයේ ඔවුන් පැමිණෙන ප්‍රාන්තය සහ ආදාල කාරණා නිරීක්ෂණය කර තමයි, ශ්‍රී ලංකාව ඔවුන්ට වීසා නිකුත් කරන්නේ.” යැයි වැඩිදුරටත් පැවැසීය.