චයිනා මර්චන්ට් සමූහයේ (CMG) සභාපතිවරයා පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ. හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා සහ වරාය කාර්ය මණ්ඩලය විසින් සභාපති මියාඕ ජියැන්මින් මහතා පිළිගන්නා ලදී.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය වෙනුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වයක් ඇති CMPort සමාගමේ මව් සමාගම CMG සමූහයයි. චීනයේ පළමු වාණිජ සංස්ථාව ලෙස 1872 දී ආරම්භ කරන ලද CMG සමාගම, චීනයේ ජාතික කර්මාන්ත සහ වාණිජ්‍ය ක්ෂේත්රයේ පුරෝගාමියා වේ. CMG සමූහය, බොහෝ ඓතිහාසික අවස්ථාවන්හිදී චීනය ඉදිරියට රැගෙන යමින් නූතන චීනයේ ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා අඛණ්ඩව සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි.
සභාපති මියාඕ ජියැන්මින් මහතා වරායේ ගබඩා පර්යන්තය, තෙල් ජැටිය, රෝරෝ පර්යන්තය සහ අලුතින් විවෘත කරන ලද තීරුබදු රහිත සාප්පු සංකීර්ණය නැරඹූවේය . එහිදී අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කළේ චයිනා මර්චන්ට් සමූහය සිය ප්‍රධාන ව්‍යාපෘති දෙක වන කොළඹ ජාත්‍යන්තර බහාලූම් පර්යන්තය (CICT) සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය හරහා දකුණු ආසියානු කලාපය තුළ තවදුරටත් ආයෝජන සිදු කරන බවයි. සයිනොපෙක් වැනි ජාත්‍යන්තර ව්‍යවසායකයන් සමඟ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට CMG සමූහය සැලසුම් කර ඇති අතර, වාහන ප්‍රතිනැව්ගත කිරීම්, තොග භාණ්ඩ, ඉන්ධන සහ ගෑස්, බහාලුම් හැසිරවීම, කර්මාන්ත උද්‍යානය සහ සමුද්‍ර සේවා සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කර යි. සැපයුම් දාම සේවා අඛණ්ඩව වැඩිදියුණු කරමින් ලොව විශිෂ්ඨ වරායක් ගොඩනැගීම සමූහයේ අරමුණයි.
මේ වනවිට, ලොව පුරා සේවකයින් 280,000කට වඩා සංඛ්යාවක්චයිනා මර්චන්ට් සමූහයේ විවිධ ශාඛාවන්හි සේවය කරයි. ඕනෑම ආයතනයක වඩාත් තීරණාත්මක සම්පත වන්නේ සේවකයින් වන බව අවධාරණය කළ සභාපතිවරයා, CMG හි සියලුම අනුබද්ධ සමාගම් හරහා සේවය කරන සැමට ඔවුන්ගේ වර්ධනය සඳහා අවශ්‍ය සහාය ලබා දී ඇති බවද සහතික කළේය. හිතකර පරිසරයක් තුළ වෙහෙස මහන්සි වී වැඩ කරමින් විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගැනීමට චයිනා මර්චන්ට් සමූහ වේදිකාව අවස්ථාව උදාකරන බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
සේවක ආරක්ෂාව වැදගත් කොට සළකන කණ්ඩායමක් ලෙස HIP හි ඉන්ධන ගබඩා පර්යන්තයේ මෙහෙයුම් කටයුතුවලදී ආරක්ෂාවටදී ඇති වැදගත්කම ගැනද ඔහු වැඩිදුරටත් සදහන් කළේය. රැකියාවේදී ආරක්ෂිත පරිසරයක් සහතික කිරීම සඳහා ආරක්ෂක පද්ධති සහ පියවරයන් අඛණ්ඩව වැඩිදියුණු කිරීම සඳහා ආරක්ෂණ කළමනාකරණය පිළිබඳ පර්යේෂණ සහ ගවේෂණය ඉතා වැදගත් වන බවද ඔහු අවධාරණය කළේය.
HIPG හි ගෝලීය සහකරු වන සීමාසහිත චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග්ස් සමාගම (CMPort), රටවල් සහ කලාප 25ක් පුරා වරායන් 42ක ජාලයක් සමඟ දකුණු ආසියාව, අප්‍රිකාව, මධ්‍යධරණී සහ දකුණු ඇමරිකාව තුළ සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතින්නකි.
CMG සමූහයේ උප සභාපතිවරුන් වන ඩෙන් රෙන්ජි සහ ෆන්ග් බෝමින්, CMPort හි ප්‍රධාන විධායක නිලධාරී වැන්ග් ෂී ෆැන්ග්, HIPG හි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු සහ HIPS හි ප්‍රධාන විධායක නිලධාරී රවී ජයවික්‍රම යන මහත්වරු මේ අවස්ථාවට සහභාගී වූහ.