2022 මැයි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ඉපැයීම් ඇ.ඩො.මිලියන 980.2ත් දක්වා 9.9 % කින් පෙර වසරට සාපේක්ෂව වැඩිවී ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
මීට ප්‍රධාන වශයෙන් ඇඟලුම් සහ රෙදිපිළි, පොල් ආශ්රිත නිෂ්පාදන සහ විදුලි සහ ඉලෙක්ට්‍රොනික සංරචක අපනයන ඉපැයීම් ඉහළ යාම හේතුවී ඇත.
ඒ අනුව, සමස්තයක් ලෙස ගෙවුණු මාස 5ක කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ඉපැයීම් ඇ.ඩො.බිලියන 5ක සීමාවට පැමිණ ඇති බවද අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙයි.
මීට අමතරව, 2022 ජනවාරි සිට මැයි දක්වා කාලසීමාව සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 1,472.7ක් ක් වූ අතර එය 2021 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 93.3% කින් වැඩිවීමක් බවද කියයි.
අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඇස්තමේන්තු කර ඇති සේවා අපනයන ICT/BPM, ඉදිකිරීම්, මූල්යි සේවා සහ ප්‍රවාහන සහ ලොජිස්ටික්වලින් සමන්විත වේ.