ගෙවීම් සේවා පිළිබඳ දේශීය ප්රකාශනයක අවශ්‍යතාව හඳුනාගෙන, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙවීම් උපකරණ, ක්‍රම සහ යටිතල පහසුකම් පැහැදිලි කරමින් 'ශ්‍රී ලංකාවේ ගෙවීම් සේවා සඳහා මාර්ගෝපදේශය' නමින් අත්පොතක් නිකුත් කර තිබේ.
නව ගෙවීම් උපකරණ, ක්‍රම සහ ක්‍රියාවලි හඳුන්වාදීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගෙවීම් කර්මාන්තය මේ වනවිට ශීඝ්‍ර වෙනසකට භාජනය වෙමින් පවතින බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මහ බැංකුව, සාම්ප්‍රදායික ගෙවීම් ක්‍රම ඇතුළුව, මෙම නව ගෙවීම් ක්‍රියාවලිය විසින් පාරිභෝගික අත්දැකීම නව්‍යකරණය කර ඇති බවත්, ව්‍යාපාරවලට සහ පාරිභෝගිකයන්ට ඔවුන්ගේ මූල්‍ය ගනුදෙනු ආරක්ෂිතව සහ කාර්යක්ෂමව සිදුකිරීමට හැකියාව ලබාදී ඇති පසුබිම තුළ සාමාන්‍ය ජනතාව දැනුම්වත් කිරීම මෙමගින් සිදුවන බවද පවසයි.
මෙම අත්පොත මගින් සාම්ප්‍රදායික ගෙවීම් ක්‍රම වන චෙක්පත්, ගෙවීම් කාඩ්පත් මෙන්ම, මෑතකදී හඳුන්වා දුන්, ජංගම ගෙවීම් යෙදුම සහ QR කේත පදනම් කරගත් ගනුදෙනු (Lanka QR) සහ තත් කාලීන දළ පියවීම් පද්ධතිය, ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය, ජංගම දුරකථන පදනම් කරගත් විද්‍යුත් මුදල් පද්ධති වැන් ගෙවීම් නිෂ්කාශන සහ පියවීම් පද්ධති පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සපයන බව කියයි. තවද, මෙම අත්පොත මගින් සුළු පරිමාණ ගෙවීම් යට්තල පහසුකම් වන ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණය, ස්වයංක්‍රීය ටෙලර් යාන්ත්‍ර ආශ්රිත සේවා සඳහා වූ හවුල් යාන්ත්‍රණය, විකුණුම්පළ ගෙවීම් යාන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණය මෙන්ම, විද්‍යුත් අරමුදල් පැවරීම සඳහා වූ පොදු යාන්ත්‍රණය සහ ඒ මත පදනම් වූ ලංකාපේ මාර්ගගත ගෙවීම් වේදිකාව, ජස්ට්පේ (JustPay), සෘජුහර සේවාව (Direct Debit) වැනි ගෙවීම් සේවා සවිස්තරාත්මකව පැහැදිලි කරනු ලබයි.
මෙම අත්පොත ලියා ඇත්තේ නිතර අසන පැන සහ රූප සටහන් ඇතුළුව කියවීමට පහසු ආකෘතියකින්, සාමාන්‍ය ජනතාවට වඩාත් පහසුවෙන් මූල්‍ය ගනුදෙනු සිදුකළ හැකි ආකාරයට අවබෝධ කරගැනීමට උපකාරී වන ලෙසිනි. මෙම අත්පොත තුළ තාක්ෂණික යෙදුම් පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීම් අන්තර්ගත වීම නිසා අධීක්ෂකවරුන්, ගුරුවරුන් සහ විශේෂයෙන් උසස් අධ්‍යාපනයේ යෙදී සිටින සිසුන්ට විෂයය කරුණු පිළිබඳ ඔවුන්ගේ දැනුම වැඩි දියුණු කරගැනීම සඳහා උපකාරී වේ. මූල්‍ය ආයතනවල සේවකයන්ට මෙම අත්පොත ඔවුන්ගේ එදිනෙදා වැඩ කටයුතු සඳහා මාර්ගෝපදේශයක් ලෙස භාවිත කිරීම මගින් පාරිභෝගික විමසුම්වලට හොඳින් ප්‍රතිචාර දැක්විය හැකි වන අතර, එමගින් පාරිභෝගික තෘප්තිය වැඩිකිරීමටද ඉවහල් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මෙම අත්පොතෙහි ඉලෙක්ට්‍රොනික පිටපත ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා කටයුතු සලසන අතර, මුද්‍රිත පිටපත පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට ඉදිරි කාලයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අලෙවි කවුන්ටරවලින් මිලදී ගැනීමට හැකිවනු ඇත.