ගම්පෙරළිය වැඩසටහනේ මන්නාරම දිස්ත්‍රික් වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීම අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අද (20දා) සිදුකෙරිණි.
රු.මිලියන 80,000ක වියදමින් දිවයිනේ සෑම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයකම ක්‍රියාත්මක ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහනෙහි මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5ක් සඳහා වෙන් කර ඇති මුදල රු.මිලියන 1000කි.
මීට අමතරව මන්නාරම නව ප්‍රධාන බස් නැවතුම් පොළ සඳහා මුල් ගල තැබීමද සිදුකෙරුණු අතර, මෙම අවස්ථාවට මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාද එක් විය.