ලෝක ළමා දිනය හා සිය සංවත්සරය නිමිති කොටගෙන ජාතික පුස්තකාලය වෙත ළමා ග්රන්ථ 2,500ක් පරිත්‍යාග කිරීමට CHEC Port City Colombo (CPCC) සමාගම විසින් පසුගියදා කටයුතු කරන ලදී.
මෙසේ පරිත්‍යාග කරන ලද්දේ “City Rising from the Ocean” යන ආදර්ශමත්, අධ්‍යාපනික ළමා ග්‍රන්ථයේ සිංහල හා දෙමළ භාෂාවලට පරිවර්තනයකළ පිටපත්ය. අනාගත පරපුර ප්‍රබෝධමත් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ ආර්ථිකහා සමාජීය සංවර්ධනය උදෙසා ඉදිකරන ලද ප්‍රථම හා ප්‍රධානතම සැලසුම්සහිත නගරය වන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සංවර්ධනය කිරීම පිළිබඳ ආකර්ෂණීය කතාවක් මෙහි ඇතුළත් කොට ඇත.
2021 වසරේදී මුල් වරට ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත්කරන ලද මෙම ග්‍රන්ථයේ පිටපත් 2,000ක් ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයට පරිත්‍යාග කෙරිණි. එම ග්රන්ථ පරිත්‍යාගයට සමගාමීව, CPCC ආයතනය විසින් ජාතික පුස්තකාලයේ චීන ග්රන්ථ අංශය නවීන කියවීමේ පහසුකම් සමග ප්‍රතිසංස්කරණය කිරීමද සිදුවිය.
ශ්‍රී ලාංකේය දුවා දරුවන්ට හා තරුණ ප්‍රජාවට නැවුම් වූ අවස්ථා නිර්මාණය කිරීම මූලික කරගනිමින් විවිධ මුලපිරීම් සමග ඉදිරියට යන CPCC සමාගම, කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙහි එකම ආයෝජකයා හා ප්‍රධාන සංවර්ධකයාද වේ. කියවීම ප්‍රවර්ධනය කිරීම හරහා දරුවන්ගේ නව නිර්මාණාත්මක චින්තනය ගොඩනංවමින් ඔවුන් තුළ ඉගෙනීමට ඇති ආශාව වර්ධනය කිරීම සඳහා ධනාත්මක බලපෑමක් සිදු කිරීමට CPCC දරන උත්සාහය මෙම වසරේ සිදුකළ පොත් පරිත්‍යාගය තුළින් මනා ලෙස පිළිඹිබු වන බව කියයි.
කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙහි 8 වැනි සංවත්සරය සහ ලෝක ළමා දිනය සැමරීම වෙනුවෙන් අදාළ පරිවර්තන පිටපත් 2,500ක කට්ටලය CPCC ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නියෝජනය කරමින්, කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ CIFC සංවර්ධන ව්‍යාපෘතියෙහි සහකාර විධායක අධ්යක්ෂ - ශාලක විජයරත්න මහතා ප්රමුඛ නියෝජිත පිරිසක් විසින් ජාතික පුස්තකාලයේ අධ්යක්ෂ ජනරාල් ඩබ්ලිව්. සුනිල් මහතා වෙත නිල වශයෙන් භාරදෙන ලදී.
මීට අමතරව මෙම උත්සවයට ජාතික පුස්තකාලයේ අධ්‍යක්ෂිකා පද්මා බණ්ඩාරනායක, ව්‍යාපෘති සේවා සහකාර අධ්‍යක්ෂිකා ඉරෝමි විජේසුන්දර, ග්රන්ථ නාමලේඛන පාලන අංශයේ සහකාර අධ්‍යක්ෂිකා අනෝමා විජේසිංහ සහ පුස්තකාල පර්යේෂණ අංශයේ සහකාර අධ්යක්ෂ මෛත්‍රී ජයසුන්දර යන මහත්ම මහත්මීන්ද සහභාගී වූහ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විජයරත්න මහතා පැවසූයේ, “කොළඹ වරාය නගරය හුදෙක් නගරයක් පමණක්ම නොවෙයි. එය අදහසක් යථාර්ථයක් බවට පත්වීමක් ලෙස හැඳින්වීමට පුළුවන්. අදහසක් ඔස්සේ සියල්ල මුල සිට ආරම්භ කර, දක්ෂතාව හා අධිෂ්ඨානය ඔස්සේ විශිෂ්ට නිර්මාණ බිහිකිරීමට පුළුවන්. මීළඟ පරපුරට අප ලබාදිය යුත්තේ මෙවැනි ආදර්ශයි. එම නිසා ජාතික පුස්තකාලයට මෙම පරිත්‍යාගය සිදුකිරීමට හැකිවීම අපට මහත් සතුටක් මෙන්ම, මෙය අපගේ උත්සාහයේ සාර්ථකත්වය නැවත වරක් තහවුරු කිරීමක්. ඒ වගේම, මෙය ජාත්‍යන්තර ළමා දිනය සැමරීමට ලැබුණු අගනා අවස්ථාවක්ද වෙනවා” යනුවෙනි. එසේම, ඔහු පවසා සිටියේ ළමා පරපුර මේ ආකාරයට දිරිමත් කිරීම තුළින් ඔවුන්ගේ නිර්මාණශීලී චින්තනය පෝෂණය කිරීම හරහා ශ්‍රී ලාංකේය දූ දරුවන්ට ගෝලීය පුරවැසියන් සමග එක්ව සාර්ථක, තරඟකාරී ගමනක් යාමට අවස්ථාව උදාකර දිය හැකි වනු ඇතැයි විශ්වාස කරන බවයි.
2022 වසරේ මුල සිට ඉදිකිරීම් කටයුතු අවසන් කෙරුණු කොළඹ වරාය නගරයේ පොදු ස්ථාන ක්‍රමයෙන් මහජනතාවට විවෘත විය. නිල විවෘත කිරීමෙන් පසුව ජනවාරි සිට පෙබරවාරි දක්වා කාලය තුළ වාර්තාගත ලෙස 700,000ක පමණ ජනතාවක් සැහැල්ලු යාත්‍රාංගණය හා සෘජු පදික මංතීරුව නැරඹීමට පැමිණ ඇති බව වාර්තා වේ. වරාය නගරයේ ප්‍රධාන සැලැස්ම අනුව, හෙක්ටයාර 91ක භූමි ප්‍රමාණයක් පොදු අවකාශයන් සඳහා වෙන්කිරීමට සැලසුම් කර තිබේ. හෙක්ටයාර 53ක් පුරා විහිදුණු හරිත අවකාශයන්, කිලෝමීටර් 2ක දිගින් යුත් වෙරළ තීරයක්, හෙක්ටයාර 14ක මධ්‍යම උද්‍යානයක්, පදික මංතීරු, ඇල මාර්ග සහ උද්‍යාන එකිනෙක සම්බන්ධ කරන මංමාවත් ආදිය මීට ඇතුළත්ය.