උපාධි අපේක්ෂකයින් අතර මූල්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීම සඳහා සහයෝගීතා ප්රයත්නයන් විධිමත් කිරීමට කොළඹ කොටස් හුවමාරුව පසුගියදා රුහුණු විශ්ව විද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය.
අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක උපායමාර්ගික මුලපිරීම් ගණනාවක් මත එක්ව වැඩකිරීමෙන් උපාධි අපේක්ෂකයින් අතර ප්‍රාග්ධන වෙළෙඳපොළ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමට මෙම සහයෝගීතා ගිවිසුම යෝජනා කරයි.
ඒ අනුව, මෙමගින්, කොළඹ කොටස් හුවමාරුව සමඟ ගණකාධිකරණය සහ මූල්‍ය, ව්‍යාපාර කළමනාකරණය සහ ආර්ථික විද්‍යාව ආශ්රිත උපාධි වැඩසටහන්වල නියැලී සිටින රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් සඳහා ප්‍රායෝගික අධ්‍යාපනික පුහුණුව සහ සීමාවාසික අවස්ථාවන් ලබාදෙනු ඇත.
තවද, අවබෝධතා ගිවිසුමේ නියමයන් යටතේ, කොළඹ කොටස් හුවමාරුව විසින් විශ්ව විද්‍යාලයේ වාණිජවේදී ගෞරව උපාධි වැඩසටහනේ ශ්‍රේණි ලකුණු සාමාන්‍යයේ ඉහළම අගය (“GPA”) ලබා ගන්නා ශිෂ්‍යයාට සම්මානයක් ලබා දෙනු ඇත.
ඒසේම, රට පුරා සිටින ආයෝජකයින් අතර ප්‍රාග්ධන වෙළෙඳපොළ ආයෝජනය ප්‍රවර්ධනය කිරීම පිණිස කොළඹ කොටස් හුවමාරුව විසින් සංවිධානය කරනු ලබන සම්මන්ත්රණ සහ වැඩමුළු සඳහා, ප්රවිණයන් සහ සම්පත් දායකයින් ලබා දෙමින්, රුහුණු විශ්ව විද්‍යාලය, කොළඹ කොටස් හුවමාරුවෙහි දැනට ක්‍රියාත්මක අධ්‍යාපනික වැඩසටහන්, මූල්‍ය වෙළෙඳපොළ පිළිබඳ උසස් ඩිප්ලෝමාව (ADFM) මෙන්ම ඉදිරි අධ්‍යාපන ක්‍රියාකාරකම් සමඟ ද සහයෝගයෙන් කටයුතු කරනු ඇත.