කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිරීම පාලනය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
සෞඛ්‍ය හා ආරක්ෂක බලධාරීන් ඇතුළු රජයේ නියෝජතයන් සහභාගී වූ මෙම සාකච්ඡාවේදී කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමුකර ඇත.
වීසා ඔන් ඇරයිවල් පහසුකම අත්හිටුවීම, ඉතාලිය ඉරානය සහ දකුණු කොරියාව යන රටවලින් පැමිණෙන අය දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා ලක්කිරීම, ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම ගුවන් මගීන් සඳහා දින 14ක ස්වයං නිරෝධායනයක් සඳහා යොමුකිරීම මෙන්ම, අත්‍යවශ්‍ය ඖෂධයන්හි තොග රැස්කිරීම මෙහිදී සාකච්ඡාවට බඳුන් වී ඇත.



