කොරෝනා වෛරස් වසංගත තත්ත්වය සමග සංචාරක කර්මාන්තයට මෙන්ම සමස්ත ආර්ථිකයට දැඩි බලපෑමක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවෙයි.
විශේෂයෙන්ම Visa on Arrival පහසුකම චීන සංචාරකයන් සඳහා අත්හිටුවීමට මේ වනවිට තීරණය කර ඇති අතර, ලොව සෙසු සංචාරකයන් වැඩි පිරිසක්ද සිය සංචාරයන් අවලංගු කර හෝ කල්දමා ඇති බවද සඳහන් වෙයි.
විශේෂයෙන්ම චීනය යනු සංචාරක මූලාශ්‍රයක් ලෙස ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් රාජ්‍යයකි. මීට දශකයකට පමණ ඉහත දී චීනයෙන් මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 2%කට වඩා අඩු ප්‍රතිශතයක් වුවද, 2015-18 දක්වා වකවානුව තුළ එය 11%ක් ඉක්මවීය.
එසේම 2016 වසරේදී ශ්‍රී ලංකාව ප්‍රථම වරට සංචාරකයින් මිලියන 2ක ඉලක්කය සපුරා ගැනීමට සමත් වූ අතර එහිදී 271,577ක්, (13.24%ක) සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ චීනයෙනි.
මේ අතර පාස්කු ප්‍රහාරය හමුවේ පසුගිය 2019 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි 1,913,702 ක්වූ මුළු සංචාරකයින් ප්‍රමාණයෙන් 8.77%ක්, එනම් 167,863 ක් පැමිණ ඇත්තේද චීනයෙනි. මින් 47%ක්ම, එනම් 78,212 ක් පැමිණ ඇත්තේ 2019 වසරේ මුල් මාස 03 දීය. කෙසේ වෙතත් අප්‍රේල් 21 පාස්කු ප්‍රහාර මාලාව චීනය ඇතුළු බොහෝ සංචාරක පැමිණීම් පසුගිය වසරේදී සීමා විණි.
නමුත්, ක්‍රමයෙන් යථා තත්ත්වයට පැමිණෙමින් තිබූ සංචාරක ව්‍යාපාරය මේ වනවිට ලොව පුරා සංචාරකයන්ගෙන් පිරී යමින් පැවතියත්, නව කොරෝනා වෛරස් වසංගතය සමග සංචාරක කර්මාන්තයට ඇති කරනු ලබන බලපෑම සමසත් ආර්ථිකයටම දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.