රුපියල් මිලියන 16ක් වටිනා ICU වෙන්ටිලේටර් යන්ත්‍ර, Non-Invasive වෙන්ටිලේටර් යන්ත්‍ර, High Flow Oxygen Therapy යන්ත්‍ර ඇතුළු වෛද්‍ය උපකරණ සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කෙරේ.
COVID - 19 වෛරසය ශ්‍රී ලංකාව තුළින් තුරන් කිරීමේ මෙහෙයුමට සමගාමීව විදුලිබල සහ බලශක්ති ක්ශේත්‍රයේ කීර්තිමත්ම දේශීය සමාගමක් වන ලක්දනව් සමාගම විසින් රුපියල් මිලියන 16ක් පමණ වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සෞඛ්‍ය අමාත්‍යංශය වෙත අද (27) උදෑසන පරිත්‍යාග කලා.
ලක්දනවි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධම්මික නානයක්කාර මහතා විසින් මෙම යන්ත්‍ර වල හිමිකම් පත්‍ර පිරිනැමීම සිදුකල අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය නියෝජනය කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් බද්රාණි ජයවර්ධන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේඛ ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස්, ජීව වෛද්‍ය ඉංජිනේරු සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ජනප්‍රිය කරුණාතිලක යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්විය.
COVID - 19 වෛරසය ශ්‍රී ලංකාව තුලින් මුළිනුපුටා දැමීමට රජය දරන ප්‍රශංසනීය උත්සහයට සිය දායකත්වය ලබා දෙමින් මෙම පරිත්‍යාගය සිදු කිරීමට සමාගම විසින් තීරණය කර ඇත.
මෙම උපකරණ අතර ස්විට්සර්ලන්තයේ නිශ්පාදිත අති නවීනතම ICU වෙන්ටිලේටර් යන්ත්‍ර 3ක්, ඕස්ට්‍රේලියාවේ නිශ්පාදිත Non-Invasive වෙන්ටිලේටර්/ BiPap යන්ත්‍ර 2ක් සහ නවසීලන්තයේ නිශ්පාදිත High Flow Oxygen Therapy යන්ත්‍ර දෙකක්ද වේ. මෙම සියළු යන්ත්‍රෝපකරණ මාදිළි සහ සන්නාම සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අනුමත කරන ලද ඒවාය.
COVID - 19 වෛරසයට ගොදුරු වු රෝගියෙක් අසාධ්‍යය තත්වයට පත්වූ විට ඔවුන්ගේ පෙණහළු මගින් සිදුකරන ඔක්සිජන් පෙරීමේ ක්‍රියාවලිය අකර්මණ්‍ය වන බැවින් වෙන්ටිකේටර් යන්ත්‍රයකට සවිකර කෘතිම ශ්වසනය ලබාදීම අත්‍යාවශ්‍ය කරුණක් වේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සමස්ථ රෝහල් පද්ධතිය තුළම ඇත්තේ මෙවන් වෙන්ටිලේටර් යන්ත්‍ර අතලොස්සක් පමණි. ලොව පුරා අතිශය දරුණු ලෙස පැතිරී යන COVID - 19 වෛරසය ශ්‍රී ලංකාව තුලටද ඇතුළු වී ඇති මේ මොහොතේ අසාධ්‍ය වන රෝගීන් සංඛ්‍යාව ඉහළ ගියහොත් ඔවුන් සියල්ලටම අවශ්‍ය වන පහසුකම් සැපයීම ඉතා අපහසු කාර්යයකි. මෙවන් අවස්ථාවක ලක්දනව් සමාගම විසින් රටේ සෞඛ්‍ය ක්ෂේත්රය වෙනුවෙන් සිදු කෙරෙන මෙම පරිත්‍යාගය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උතුම් වූ මානුෂීය මෙහෙවරකි.
සීයට සීයක්ම දේශීය සමාගමක් වන ලක්දනව් සමාගම ශ්‍රී ලාංකේය සෞඛ්‍ය ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් කැපවූ පළමු අවස්ථාවද මෙය නොවේ. මීට පෙරද රට තුළ ඩෙංගු රෝගය බරපතළ ලෙස පැතිරෙමින් තිබූ මොහොතක සමාගම විසින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඩෙංගු රෝගය ආසාධිත දරුවෙන් වෙනුවෙන් වෙන්වූ වාට්ටුව සම්පූර්ණයෙන් නවීකරණය කොට සංකූලතා ඇති දරුවන් සඳහා High Dependency Unit නමින් නවතම ඒකකයක් පිහිටුවන ලද අතර මේ වන විටත් එහි සියළුම නඩත්තු කටයුතු සමාගමේ වියදමෙන් පවත්වාගෙන යනු ලබයි.