ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) සමග එක්ව, ඩ්‍රීම්රොන් පාසල ජාතික වෘත්තීය පරීක්ෂණ ක්‍රමවේදය (National Trade Test/NTT ) තුළින් දැනට වෘත්තියෙහි නියුතු ශිල්පීන් සඳහා 'Hair Cutting Gents - Fashionable Hairdresser' සහතික පත්‍රය පිරිනැමීමට කටයුතු සම්පාදනය කර තිබේ.
ජාතික මට්ටමේ වෘත්තීය සහතිකයක් වන මෙය තරුණ ප්‍රජාව සඳහා දේශීය සහ විදේශීය රැකියා වෙළෙඳපොළ ජය ගැනීම සඳහා රුකුලක් බව කියයි. මෙම ජාතික වෘත්තීය පරීක්ෂණ ක්‍රමවේදය තුළ (NTT) පවතින විශේෂත්වය ලෙස පෙන්වා දෙන්නේ, දැනුම සහ කුසලතාව පවතින මෙන්ම, ක්ෂේත්රය තුළ කෙටි කාලීන අත්දැකීම් ඇති ශිල්පීන්ට පවා අවසාන පරීක්ෂණය සඳහා යොමුවීමට ඇති හැකියාවයි. තරුණ සහ වැඩිහිටි වශයෙන් වයස් සීමාවකින් තොරවද මෙම පරීක්ෂණය සඳහා සහභාගී විය හැකි බව කියයි.
මේ සම්බන්ධයෙන් වූ අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීම සඳහා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය නියෝජනය කරමින් එහි සභාපති තරංග නලීන් ගම්ලත්, උප සභාපති මහාචාර්ය මහින්ද රූපසිංහ, අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්.එම්.එස්. විජේසිංහ, අධ්යක්ෂ (තත්ත්ව) චන්න සුබසිංහ සහ සහකාර අධ්යක්ෂ (ඇගයීම්- NVQ) සුජීව වික්‍රමසිංහ යන මහත්වරුන් සහ ඩ්‍රිම්රොන් ආයතනය නියෝජනය කරමින් කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය කිෂූ ගෝමස්, සමූහ අධ්‍යක්ෂිකා නීශා පෙරේරා, අධ්‍යක්ෂිකා සචිත්‍රා කළුබෝවිල, සාමාන්‍යාධිකාරී වෙළෙඳ (EVON) නදීර ඉන්දික පතිරණ, ජ්‍යෙෂ්ඨ ආචාර්ය ආරිය මදුරසිංහ යන මහත්මා මහත්මීන් සහභාගි වූහ.