කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (01දා) පෙ.ව.10.30ට ආරම්භ වී මිනිත්තු දෙකකට පමණ සීමා වූ අතර, පසුව යළිත් 11.02ට එය විවෘත වුවද මිනිත්තුවක් යනවිට යළිත් ගනුදෙනු අත්හිටුවීමට සිදුවිය.
ඒ අනුව, කොළඹ කොටස් වෙළෙඳපොළ පෙ.ව.11.33ට වසා දමනු ලැබුවේ, S&P ශ්රී ලංකා 20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 7.5%ක් සහ පසුව 10%ක් ඉක්මවූ අගයයකින් පහළ යාම හේතුවෙනි.
විදුලි අර්බුදය හේතුවෙන් අද දිනයේ පැය 2කට පමණක් සීමා වන බව පැවසුණු කොටස් වෙළෙඳපොළ මේ ආකාරයෙන් මිනිත්තු කිහිපයකට පමණක් සීමා වූ අතර, ගනුදෙනු දිනය අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 432.44කින් පහළ ගොස් ඒකක 8,471.43ක් ලෙසත්, S&P ශ්රී ලංකා 20 දර්ශකය ඒකක 200.23කින් පහළ ගොස් ඒකක 2,830.93ක් ලෙසත් දිස් විය.