සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සමග පැවති දීර්ඝ නිවාඩුවෙන් පසු තවත් දින පහකට කොළඹ කොටස් වෙළෙඳපොළ වසා දැමීමේ අවශ්‍යතාව ප්‍රාග්ධන වෙළෙඳපොළ ක්‍රියාකරු සාධාරණීකරණය කළේය.
කොළඹ කොටස් වෙළෙඳපොළේ සභාපති දුමිත් ප්‍රනාන්දු මහතා අද (18දා) පෙරවරුවේ කොටස් වෙළෙඳපොළේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, මුදල් අමාත්‍යාංශය හා මහ බැංකුව විසින් ස්වෛරී ණය ගෙවීම් අත්හිටුවීම සහ පොලී අනුපාත ඉහළ නැංවීම මෙන්ම, ශ්‍රේණිගත කිරීමේ ආයතනවලින් ශ්‍රේණිගත කිරීම් පහත හෙළීම නිවේදනය කිරීමෙන් පසුව අප්‍රේල් 18 සිට 22 දක්වා වෙළඳපොළ වසා දැමීමට තීරණය කළ බවයි.
ප්‍රනාන්දු මහතා කියා සිටියේ නව සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනතට අනුව ආයෝජකයන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි.