කොළඹ කොටස් වෙළෙඳ පොළ රත්නපුර ශාඛාව විසින් 'ආයෝජනයට දැනුම' නමින් කොටස් වෙළෙඳ පොළ ආයෝජනය පිළිබඳ පවත්වනු ලබන තවත් වැඩසටහනක්, ඇඹිලිපිටිය නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
මීට පෙර, කොළඹ කොටස් වෙළෙඳ පොළ සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එක්ව ඇඹිලිපිටිය සෙන්චූරියා ලේක් හෝටලයේදී පැවැත් වූ 11 වැනි 'කොටස් වෙළෙඳ පොළ නගරයෙන් නගරයට' වැඩසටහන සාර්ථකව පවත්වමින් ඔවුන් මෙම නව වැඩසටහනද සංවිධානය කරන බව පවසති.
'ආයෝජයනයට දැනුම' එක් දින වැඩමුළුව එලැඹෙන ජූලි මස 08දා, ඉරිදා ඇඹිලිපිටිය 'Frozen Lemon Restaurant' හිදී පෙ.ව.09.30 සිට ප.ව.03.30 දක්වා පැවැත්වෙන අතර, මෙහිදී, කොටස්වල ආයෝජනය, මූල්‍ය ප්‍රකාශ අවබෝධ කරගැනීම, කොටස් තෝරාගැනීම හා ආයෝජනය, කොටස් වෙළෙඳ පොළ තොරතුරු මූලාශ්‍ර යනාදී මාතෘකා සහ තවත් වැදගත් තොරතුරු සාකච්ජා කිරීමට නියමිත බවත්, කොළඹ කොටස් වෙළෙඳ පොළ ප්රවිණ දේශක මඬුල්ලක් මීට සම්පත් දායකත්වය ලබාදෙන බවත් ඔවුහු පෙන්වා දෙති.
මෙම වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා කොළඹ කොටස් වෙළෙඳ පොළ රත්නපුර ශාඛාවේ දුරකථන අංක 045-2232399/88 ඇමතීමෙන් හෝ නිල වෙබ් අඩවිය www.cse.lk ඔස්සේ ලබාගත හැකි බව ඔවුහු වැඩිදුරටත් පවසති.