නෙස්ලේ ලංකා පීඑල්සී හි සාමාන්‍ය ඡන්ද හිමි කොටස්, කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීමේ විශේෂ යෝජනාව, 2023 ජුනි 30 වැනි දින පැවති විශේෂ මහා සභා රැස්වීමේදී එහි පුද්ගලිකව හෝ ප්‍රොක්සි ඡන්ද වශයෙන් පැමිණ සිටි නෙස්ලේ ලංකා පීඑල්සී හි කොටස් හිමියන්ගෙන් සියයට හැත්තෑපහකට (75%) වැඩි පිරිසක් විසින් අනුමත කරන ලදී.
ඒ අනුව, නෙස්ලේ ලංකා සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය, වසර ගණනාවක් පුරා සමාගම කෙරෙහි විශ්වාසය තැබීම පිළිබඳ සහ කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීමේ යෝජනාව පිළිගැනීම පිළිබඳව එහි කොටස් හිමියන්ට සිය කෘතඥතාව පළ කළේය.
ශ්‍රී ලංකාව කෙරෙහි තම දායකත්වය තවදුරටත් ඉහළ නැංවීම සඳහාත්, සිය කාර්යක්ෂමතා වැඩි කිරීම සඳහාත් උපකාර කිරීමට,කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීමට නෙස්ලේ ලංකා සිය යෝජනාව 2023 මැයි මාසයේ දී ඉදිරිපත් කළේය. ඒ අනුව, කොටස් හිමියන්ගෙන් ලැබුණු අනුමැතියෙන් පසුව, සමාගම දැන් අදාළ රෙගුලාසි සහ ක්‍රියා පටිපාටිවලට අනුකූලව තම කොටස් ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ විධිමත් අනුමැතිය ලබා ගැනීමට පියවර ගනියි.
නෙස්ලේ ලංකා සමාගම ශ්‍රී ලංකාව සහ එහි ජනතාව කෙරෙහි වන සිය කැපවීම අඛණ්ඩව කරනු ලබයි. වසර 115ක් පුරා දිවෙන සිය ගමනේදී, සමාගම අඛණ්ඩව රට තුළ ආයෝජනය කර ඇති අතර, සෞඛ්‍ය සම්පන්න පවුල්, සවිබල ගැන්වූ ප්‍රජාවන් සහ හරිත මිහිකතක් නිර්මාණය කිරීමට උපකාරී කරයි. මෙම කැපවීම සනාථ කරමින්, නෙස්ලේ ලංකා සමාගම 2022 වසරේ සිය ධාරිතාව පුළුල් කිරීම සඳහා රුපියල් බිලියන දෙකක ආයෝජනයක් කළ අතර, 2023 වසරේ ජෛව ස්කන්ධ බොයිලේරුක් ස්ථාපනය කිරීම සඳහා රුපියල් බිලියනක ආයෝජනයක් කළේය.
වර්තමාන මෙන්ම අනාගත පරපුරටත් ජීවිතයේ ගුණාත්මකබව වර්ධනය කරගැනීම සඳහා ක්‍රියා කරන නෙස්ලේ සමාගම, ඉහළ ගුණාත්මකබවින් යුතුසිය ආහාර සහ පාන වර්ග නිෂ්පාදන පෙළ හරහා මුල් ළමාවියේ සිට වැඩිහිටි විය දක්වා පුළුල් පරාසයක පාරිභෝගිකයින්ට සමීප වී ඇත. වසර 115කට අධික කාලයක් පුරාවට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සමාගමක් වශයෙන්, නෙස්ලේ ලංකා සමාගම වර්තමානය වන විට ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත තුළට බද්ධ වී ඇත. එමෙන්ම 24,000කට වැඩි ශ්‍රී ලාංකික කිරි සහ පොල් ගොවීන් මෙන්ම ගෙවතු වගාකරුවන්ගේ ජීවනෝපාය සංවර්ධනයට දායකවන නෙස්ලේ ලංකා සමාගමේ ඍජු රැකියා නියුක්තිකයින්ගේ සංඛ්‍යාව 800 ඉක්මවයි. ශ්‍රී ලංකාව තුළ අලෙවි කරන නෙස්ලේ නිෂ්පාදනවලින් 90%කට වැඩි ප්‍රමාණයක් කුරුණෑගල පිහිටි එම සමාගමට අයත් කර්මාන්තශාලාවේ දැඩි සුරක්ෂිතතා සහ ගුණාත්මක ප්රමිතීන් මත නිපදවනු ලබයි.